IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලක්ෂ ගාණක හීන මැවූ අයියා-මලෝට හිස් අතින්ම එන්න වෙලා

(උණවටුන ඩී.ජී. සුගතපාල)
ලක්ෂ ගණන් ගෙවා පැරණි භාණ්ඩ මිලදී ගන්නා බවට ගම පුරා කට කතාවක් පැතිර ගියේය. ලන්දේසි යුගයට අයත් වී.ඕ.සී. ලාංඡනය සහිත පැරණි පිඟන් භාණ්ඩ, ගෙම්බා මාක් මහන මැෂින් රුපියල් ලක්ෂ ගණන්වලට මිලදී ගන්නා බවද එම ආරංචියේ සඳහන් විය.


වැඩිදුටත් කියවුණේ ගාල්ල වරායට පැමිණ තිබෙන නැවක් ඒවා එකතු කරන බවය. මේ නිසා බොහෝ දෙනා කලබල වී පැරණි පලඟාන් ඇතුළු පිඟන් කෝප්පද ගෙම්බා ලකුණ මහන මැෂින්ද සොයන්නට වූහ. සමහරු තමන්ගේ නිවසේ තිබෙන පැරණි පිඟන් කෝප්පද සූදානම් කරගෙන සිටියේ ඒවා එකතු කරන්නට එනතුරුය. තවත් සමහරු ගමපුරා ඇවිදිමින් ගෙම්බා මාක් මහන මැෂින් සෙවූහ.


එහෙත් මේවා එකතු කරන්නට කිසිවෙකුත් පැමිණියේ නැත. නමුත් මේවා ලක්ෂ ගණන්වලට මිලදී ගන්නා බවට පැතිර ගිය කටකතාවේ නම් අඩුවක් නොවීය. මේ අතර සොහොයුරන් දෙදෙනකු කිසිවකුත් නොමැති අවස්ථාවක නිවසේ තිබූ පළඟාන අතට ගෙන මේක වික්කොත් ලක්ෂ ගණනක් ගන්න පුළුවනි අයියා කීවේය.


හැබැයි අම්මයි තාත්තයි දැන ගත්තොත් ඉඳල ඉවරයි. මල්ලී කීවේය. එසේ කීවත් දෙදෙනාටම මුදල් අවශ්‍ය වූ නිසා නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක ඔවුන් පළඟාන ඔතාගෙන බස් රථයක නැගී ගාල්ලට පැමිණ බඩු එකතු කරන නැව පිටත්ව යාමට පෙර එය විකිණීමට පැරණි බඩු එකතු කරන ස්ථානයකට ගිය ඔවුන් තමන් ගෙනා පළඟාන පෙන්නුවේ අඩු තරමින් රුපියල් ලක්ෂ දෙක තුනක්වත් බලාපොරොත්තුවෙනි. එය බැලූ පැරණි බඩු එකතු කරන්නා රුපියල් තුන් සියයක් දෙන්නම් කීවේය.


ඇයි මේවා ලක්ෂ ගණන්වලට ගන්න නැවක් ඇවිල්ල කියන්නේ අයියා ඇසුවේය.


අපොයි මහත්තය ඒ නැව ඊයේ ගියානේ. නැව තිබුණ නම් ලක්ෂ පහකට දෙන්න තිබුණා. කපටි වෙළෙන්දා කීවේය. දෙදෙනා පළඟානද තුරුල්කරගෙන ඉකිමණින්ම බසයට නැග්ගේ අම්මා ඒමට පෙර නිවසට යාමටය.



අදහස් (0)

ලක්ෂ ගාණක හීන මැවූ අයියා-මලෝට හිස් අතින්ම එන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site