IMG-LOGO

2024 දෙසැම්බර් මස 03 වන අඟහරුවාදා


රිළවාගෙන් බඩදරු අම්මාට කෝල් එකක්

ලොකු මහත්වූ දියණියන් දෙදෙනකුගේ මවකි. දරු සුරතල්  බලන්නට ඉන්නා ලොකු දියණිය කිරි කොස් කන්නට ආසා බව දැනගත් මව මහ දවාලේ වත්තට ගියේ කොස් ගෙඩියක් කඩා ගන්නටය.


තමන් අත වූ ජංගම දුරකතනය අසල ගලක් මත තැබූ මව කොස් කඩන්නට වුවාය. සිය කටයුතු අහවර කළ මව දුරකතනය ගන්නට බැලුවත් එය තිබූ තැනක නොවීය. කවුරුන් මෙය සොරා ගත්තාදැයි කල්පනා කරද්දි ඇය කොස් ගසේ පහළ අත්තක සිටින රිළවකු  දුටුවාය.


දුරකතනය රිලවා අතේය. රිළවා එය එහා මෙහා කරමින් හැඩ වැඩ බලමින් සිටී. කුඩා දරුවකු මෙන් ඇඟිලි තුඩු එහා මෙහා කරන අන්දම ඇය දුටුවාය. කෝටු කැබැල්ලක් ගෙන දමා ගසද්දී රිළවා ඉහළ අත්තට ගියේ දුරකථනයත් රැගෙනය.


 කාන්තාව සිය සොහොයුරාට කෑගැසුවාය. “අනේ මගේ පෝන් එකට කෝල් එකක් ගන්නකෝ” ඇය ඉල්ලා සිටියාය. ගත වූයේ ටික වේලාවකි. රිළවා අතේ වූ දුරකථනය නාද වෙද්දි බිය වූ රිළවා එක්වරම පලා ගියේ එන පොට හොඳ නැති බව තේරුම් ගෙනය.


දුරකතනය අතට ගත් කාන්තාව සුසුමක් හෙලද්දී දියණියගෙන් ඇමතුමක් ලැබිණි. ඇයි අම්මේ කතා කළේ මම දැනුයි කෝල් එකක් අරගෙන තියෙන බව දැක්කේයි. දියණිය කීවාය. 


තමන් දියණියට ඇමතුමක් නොගත් බවත් රිළවා දුරකතනය අතේ තබාගෙන අනුකරණය කරද්දී දුවගේ අංකයට ඇමතුමක් ගොස් ඇති බවත් වැටහුණු මව ඒ බව දියණියට කීවේ දුව ගැන දැන් මම විතරක් නොවෙයි ගමේ ඉන්න රිළවුනුත් සොයා බලනවා යි යනුවෙනි. 


(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

 



අදහස් (0)

රිළවාගෙන් බඩදරු අම්මාට කෝල් එකක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

“කෝටියේ දිනුමට“ ගිහින් ගෑස් සිලින්ඩරයත් නැතිකරගෙන
2024 දෙසැම්බර් මස 02 453 0

ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ගිය පුද්ගලයකු හදිසියේ පැමිණි ලොතරැයි පත් අලෙවිකරුවකුගේ ලොතරැයි තෝරමින් සිටියදී මිලට ගත් ගෑස් සිලින්ඩරය අතුරුදන්වීමේ


ප්‍රෙග්නට් එස්.එම්.එස් එකෙන් බිරිද යකින්නියක් වෙලා
2024 නොවැම්බර් මස 30 495 0

සිය කාර්යාලීය සේවිකාවගේ කෙටි පණිවුඩයක් නිසා බිරියගෙන් ගුටි පූජාවක් ලැබීමට සිදු වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. සිද


අල්ලපු ඇදේ ලෙඩාගේ පිටි ටින් එක රෝගී යාළුවාට දීලා
2024 නොවැම්බර් මස 30 342 0

රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මිතුරකු බැලීමට ගිය අයකු අසල ඇඳක නිදා ගෙන සිටි රෝගියකුගේ කිරිපිටි පැකට් එකක් සොරකම් කොට මිතුරාට ලබාදීම නිසා මිතුරු රෝගියා


සැමියාට වැඩිය ත්‍රිරෝදය ලොකු වෙලා
2024 නොවැම්බර් මස 30 177 0

සැමියා රිය අනතුරකට පත්වෙන අවස්ථාවේදී විවාහක බිරිය සැමියාගේ රෝගී තත්ත්වය ගැන විමසීම පසෙක තබා ඇය මිලදී ගත් වාහනය බදාගෙන හඬා වැටුණු පුවතක් යාපහුව අවටින


ඡන්ද ඔට්ටුව පැරැදී පියන්ගේ වැඩේ කරන්න වෙලා
2024 නොවැම්බර් මස 30 166 0

ඡන්ද ඔට්ටුවක් නිසා සේවා ස්ථානයේ රැකියා මාරුවීමක් පිළිබඳ රසවත් පුවතක් දකුණු පළාතකින් වාර්තා විය.


මල්ලිගේ දියුණුව ඉවසන්න බැරිව අයියා පොලිසි ගිහින්
2024 නොවැම්බර් මස 30 177 0

දවසින් දවස මල්ලි දියුණු වෙනවා තමාට එය ඉවසා දරා ගත නොහැකි යැයි වැඩිමල් සහෝදරයෙක් පැමිණිල්ලක් කර ඇතැයි කෑගල්ල ප්‍රදේශයේ පොලිසියකින් වාර්තා වෙයි . වාර්ත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 646 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 830 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site