(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත )
සිය සහෝදර පොලිස් කොස්තාපල්වරයාට හිමිවීමට තිබූ බලුපැටියා කපටි කමින් තමන්ට අයිතිකරගත් පොලිස් කොස්තාපල්වරයකු පිළිබඳ පුවතක් දකුණේ පොලිස් ස්ථානයකින් වාර්තාවේ.

ඔවුන් දෙදෙනාම එකම පොලිසියේය. රාජකාරි කළේද එකටමය. ඒ රථවාහන අංශයේය. මේ දෙදෙනා ළඟදී මහපාරේ රාජකාරි කරමින් සිටියදී මේ පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ හිතවතකු ඔහු දැක සිය වාහනය නතර කොට ආගිය තොරතුරු කතා කරමින් සිටියේය. “මේ හිතවතා සුරතල් බල්ලන් අලෙවි කරන්නෙකි. මට බලු පැටියෙක් ගන්න පුළුවන්” දැයි අර පොලිස් නිලධාරියා ඔහුගෙන් ඇසුවේ කතා කරමින් සිටින අතරවාරයේදීය. මේ දවස්වල නම් බලු පැටව් නැහැ. ඔයාට ඉතින් මොකුත් නොකර බැහැනේ. එකම එකෙක් ඉන්නවා මම ඌ දෙන්නම්කෝ” ඔහු කීවේය.
ඔහුගෙන් බලු_ පැටියා ලබා ගැනීමට එන බව කියමින් පොලිස් නිලධාරියා ඔහුගේ දුරකතන අංකයද ඉල්ලා ගත්තේ බලු පැටියා ගෙනයන්නට එන විට දුරකථන ඇමතුමක්දීම සඳහාය. දෙදෙනාගේ සංවාදය අසා සිටි අනෙක් පොලිස් නිලධාරියා බලුපැටව් විකුණන අයගේ දුරකථන අංකය පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා සිටියේ තමන්ටද බලුපැටියකු මිලදී ගැනීමට යයි කියමින්ය .එයා ළඟ ඉන්නේ එක බලු පැටියයි ඌ මට දෙන්න පොරොන්දු වුණා. එයාට දැන් කතා කරලා වැඩක් නැහැ. එනිසා දුරකථන අංකය මොකටද අවශ්‍ය නැහැනේ” කියමින් ඔහු දුරකථන අංකය දීම ප්‍රතික්ෂේප කළේය. නැහැ නැහැ මට පස්සේ දවසක බලු පැටියෙක් ගන්න පුලුවන්නේ මෙයාගේ දුරකථන අංකය තිබුණාම. පොලිස් නිලධාරියා වද කළේය.
රාජකාරි නිමවා මේ පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් බලුපැටියා ගන්න අපේක්ෂාවෙන් සිටි නිලධාරියා ගෙදරගොස් සිය දරුවන් තිදෙනාට තමන්ට හොඳ බලුපැටියකු ලැබෙන ආරංචිය කීවේය.
සිය නිවසට බලුපැටියෙක් ගෙන එන ලෙස නිරන්තරයෙන්ම ඔහුට මෙය වද දුන් ඔහුගේ දරුවන් තිදෙනාගේ කණට මීපැණි වක්කරනවාක් වැනි මිහිරි පුවතක් විය. දරු තිදෙනාත් ඔහුත් ගෙදරට ගෙනෙන බලු පැටියාට ඉන්න බලු කුඩුවක්ද ගැසුවේද අසල්වැසි හිතවතකුගෙන් ඉල්ලාගත් අතමාරුවක් වැය කරමිනි. එදා උදේ ඔහු වැඩට ගියේ තමා හවසට බලු පැටියා නිවසට රැගෙන එන බව සිය දරුවන් තිදෙනාටද පවසමිනි. දුරකථන අංකය ඉල්ලා ගත්තද ඇමතුමක් නොදී මේ පොලිස් නිලධාරියා බලුපැටියා රැගෙන ඒමට බලුපැටවා අලෙවි කරන අයගේ නිවසට ගියේ කිසිම ප්‍රශ්නයක් නැතිව තමාට දෙනවායි කියූ බලුපැටියා මේ වෙනකොට ඇතැයි සිතාගෙනය. ඔහු එහි යනවිට බලුපැටියා අලෙවි කරන තැනැත්තා පෙරමගට පැමිණ ආ මහත්තයා මේ කොහේයන ගමන්දැයි ඇසුවේ නිකමට මෙන්ය. මම මේ කොහේටවත් නෙමේ ආවේ මෙහෙටමයි ආවේ.
මට දෙනවායයි කී බලුපැටියා ගෙනියන්න. නිවැසියාගේ ඉහමොළ රත්වී ගියේය.“ඇයි මහත්තයෝ ඔයත් එක්ක එකට හිටිය අනෙක් පොලිස් මහත්තයා කෝල් එකක් දීලා කිව්වානේ ඔයාට බලුපැටියා එපා කියලා. එයාට ගන්න කියලා. එයා අද උදේම ඇවිල්ලා බලු පැටියා අරගෙන ගියා. “මම එයාට බලුපැටියා ගන්නේ නැහැ කියලා කිව්වේ නැහැ. මම උදේ රාජකාරි කරද්දීත් මිනිහා හම්බවුණානේ. මේ ගැන මට මොකවත්ම කිව්වේ නැහැ. පුදුම මිනිහෙක්නේ. අනේ සොරි මට කරන්න දෙයක් නැහැ. ඒකෙන් වුනේ මට වෙනකෙනෙකුට හොඳ ගානට මේ බලුපැටියා විකුණාගන්නත් නැතිවුණා.
ඔයාට බලුපැටියා දෙන්නත් බැරිවුනා. හිස් අතින්ම ගෙදර ගිය ඔහුගේ යතුරුපැදි ශබ්දයට දරුවන් තිදෙනා එළියට දිව ආවේ තමන්ගේ පියා අද ගෙනඑනවායි කී බලුපැටියා බලා ගැනීමටය. කෝ තාත්තේ බලුපැටියා යයි ඔවුන් තිදෙනා මොරදුන්නේ සිය පියාගේ අත බලුපැටියා නොදුටු නිසාය. අනේ පුතේ හරි වැඬේනේ වුණේ ඒ බලුපැටියා ඊයේ රෑ හදිසියේම ලෙඩවෙලා මැරිලා. අපි වෙන තැනකින් බලුපැටියෙක් ගේමුයි මුසාවක් ඇදබෑවේ තමාගේ අහිංසක දරුවන්ගේ බලාපොරොත්තු කඩවීම නිසාය.
2025 දෙසැම්බර් මස 04
168
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
369
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
378
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාලහාමිලා දෙන්නා බලු වැඩක පැටලිලා