(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකු පොලිසියේ දී බුදුන්ට වඳින ගාථාව නොදන්නාකම නිසා පැයක පමණ කාලයක් පොලිසියේ රැඳී සිට බුදුන්ට වඳින ගාථාව ඉගෙනගෙන පොලිසියෙන් පිටත්ව ගිය පුවතක් දඹුල්ල පොලිසියෙන් වාර්තා විය.

දඹුල්ල නගරාසන්නයේ පදිංචි මෙම පාසල් සිසුවා දඹුල්ල නගර මධ්‍යයේ විශේෂ පොලිස් මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය යතුරුපැදියේ අංක තහඩු උඩු යටිකුරුව සවි කරගෙන යෑම හේතුවෙනි.
මෙම සිසුවාගෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ තමන්ගේ මිතුරෙකු විදේශගතවීමට සූදානමින් සිටින බවත් නගරයට යන්නට පැමිණෙන්නැයි ඔහුගෙන් දුරකතන ඇමතුමක් ලැබෙන විට තමන් යතුරුපැදිය සුළු අලුත්වැඩියාවකට ලක් කරමින් සිටි බවය. පසුව මිතුරාගේ ආරාධනය නිසා ඔහු බැලීමට දඹුල්ල නගරයට කඩිනමින් පැමිණීම සඳහා කලබලයට ගලවා තිබූ අංක තහඩුව සවි කරගෙන ඇත්තේ උඩුකරුව බවය.
මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වහාම තම නිලධාරින් ලවා ඔහු සිදුකරන ප්‍රකාශය පිළිබඳව පැය කිහිපයක් ඇතුළත සත්‍ය අසත්‍ය අවබෝධ කරගෙන තිබේ. එමෙන්ම ඔහුගේ මිතුරන් පිරිස ද දඹුල්ල පොලිසියට කැඳවා තිබුණි.
දඹුල්ල ප්‍රදේශයේම උසස් පාසලක උසස් පෙළ අධ්‍යාපනය හදාරන මෙම සිසුවාට දැඩි ලෙස අවවාද කොට මවට වඳින, පියාට වඳින සහ බුදුරජාණන් වහන්සේට වඳින ගාථාව කියන්නැයි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සිසුවාට නියම කළේය.
මව සහ පියාට වඳින ගාථා දෙක ඉතා සෙමින් ස්ථාන කිහිපයක් වරදවමින් කී සිසුවා බුදුන්ට වඳින ගාථාව නොදන්නා බව පැවසීය.
පසුව මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ඔහුගේ මිතුරන් කැඳවා වහාම තම මිතුරාට බුදුන්ට වඳින ගාථාව කටපාඩම් කරවා තමා ඉදිරියේ එය කියා පිටව යා හැකි බවට අවවාද කළේය.
උසස් අධ්‍යාපනය ලබාගැනීමට සිටින බොහෝ දරුවන් සිය මව්පියන්ගේ අනුදැනුමකින් තොරව මව්පියන්ගේ උපදෙස් නොතකා මෙයාකාරයෙන් හැසිරීම බරපතළ ප්‍රශ්නයක් බවත් මේ වනවිට බොහෝ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් සිය හිසකෙස් විවිධ පාට ගන්වා කන්වල කරාබු දමා අඳින කලිසම විවිධාකාරයෙන් ඉරා දමා ඉතා අශෝභන ලෙස ජීවත්වන බවද හෙට මේ රට භාර ගැනීම සඳහා සිටින බුද්ධිමත්ම ජන කොටස මෙම පිරිස බව පෙන්වා දෙමින් මිතුරන් සියලු දෙනාටම දැඩි ලෙස අවවාද කරන්නට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පියවර ගත්තේය.
COMMENTS
කොල්ලට හපන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියාව. වාහනේ අන්කේ උඩු යටිකුරු උනාම ගාථා කියන්න ඕනේ මොකද?
පොලිස් ස්ථානාධිපති හොඳ වැඩක් කරලා තියෙන්නේ. හරි නම් දෙමාපියන්ව කැඳවලා කියලා දෙන්න තිබුනේ...
ඔබතුමා කියන්නේ පාසැල් වයසේ දරුවෙකුට දඩුවම් කරන්න ඕනැයි කියාද? ආගමක් දහමක් නොදන්න දරුවන් මෙහෙම වත් හදන එක නෙමෙයිද හොද?
වැරැද්දක් කරා නම් ඒකට අදාළ දඬුවම පැමිණවීමෙන් තොරව මේ වගේ විකාර කරන නිලධාරීන්ට එරෙහිව වහාම පියවර ගත යුතුයි. යම් හෙයකින් වෙනත් ආගමක තරුණයෙක් අහුවුණා නම් මොකද කරන්නේ? අනෙක් අතට අංකය උඩු යටිකුරු වෙච්ච එක හරියනවද ගාථා කිව්වම? කවුරු හරි දේශපාලකයෙකුගේ හෙංචයියෙක් අහු වුණා නම් බලාගන්න තිබ්බා.. ගාථා පාඩම් ගන්න හැටි...
වැරැද්දක් කරා නම් ඒකට අදාළ දඬුවම පැමිණවීමෙන් තොරව මේ වගේ විකාර කරන නිලධාරීන්ට එරෙහිව වහාම පියවර ගත යුතුයි. යම් හෙයකින් වෙනත් ආගමක තරුණයෙක් අහුවුනා නම් මොකද කරන්නේ? අනෙක් අතට අංකය උඩු යටිකුරු වෙච්ච එක හරියනවද ගාථා කිව්වම? කවුරු හරි දේශපාලකයෙකුගේ හෙංචයියෙක් අහුවුණා නම් බලාගන්න තිබ්බා.. ගාථා පාඩම් ගන්න හැටි...
ඉතා කාලෝචිත දඬුවමක් . මෙම ප්‍රවෘතියෙන් අද බෞද්ධ ළමා පරපුරේ ඛේදවාචකය ඉතා හොඳින් පෙනෙනවා . මාපියන් දරුවන්ට අධ්‍යාපනය දෙනවා . ගුණධර්ම යකාට ගිහින් . දහම් පාසල් අධ්‍යාපනය පසෙකලා කුඩා දරුවාගේ පටන් තරුණ පිරිස දක්වා අද සුපර් ස්ටාර් පිස්සුව පස්සේ යනවා , මෙන්න ප්‍රතිඵල . අනාගතයේදී ඔය දරුවන්ගේ මාපියන් මහලු නිවාස වලට යන්ඩ බලාගෙන ඉන්න එක හොඳයි . තම ලබාදිය පිළිබඳව සත්‍ය නොදන්නා පිරිසක් තමයි අද මේ රට මෙවන් අගාධයකට පත්කර තියෙන්නේ . ඒ පොලිස් නිලධාරියට තුති .
දැන් එතකොට අංක තහඩුව නිවැරදිව සවිනොකිරීමට දඩුවම බුදුන් වැදීමද? කෙනෙක් මත ආගමක් බලෙන් පටවන්න කාටවත් අයිතියක් නැහැ.
මම හිතන්නේ බුදුන්ට වදින සහ මව්පියන්ට වදින ගාථ අහන්න ඇත්තේ ජාතිය සහ ආගම ලේසියෙන්ම තහවුරු කර ගන්න. එත් හුඟක් වෙලාවට උසස් පාසල් වල ළමුන් ගේ හැසිරීම නම් මෙහෙම තමයි. ඔවුන්ගෙන් රට ජාතිය ට වැඩි යමක් බලාපොරොත්තු වෙන්න නම් බහ. හැසිරීමත් ඉතින් ඒ වගේම තමයි. හොඳ ළමුන් නැතුව නෙමෙයි. හැබයි බහුතරය මෙහෙම තමයි.
පලවෙන්න ඕනේ කාව සතුටුකරන අදහස්ද කියා සිතා ගන්න අමාරුයි. පත්තර මහතුනවද පාටකයාද?
මෙතෙන අර ලිබරල් ලෙඩේ හැදුණු ආගම පාසලේ ඉගැන්වීම වැරදියි කියලා හිතන ලෙඩ්ඩු ලියන බව පේනවා. මේ අයට වුවමනා බටහිර වගේ ආගමක් දහමක් අදහන්නේ නැති නරුමයන් පිරිසක් බෝ කරන්න බව අපිට පේනවා. හැබැයි ඉතින් මේ රටේ කවුරුත් දන්නවා ඔය ආගම් විරෝදි ප්‍රසිද්ධ චරිතවල කැත අසම්මත හැසිරීම්....