එය කොළඹට නුදුරු නිර්මාංශ හෝටලයකි. එහි සේවකයින් දිනක් තම සේවක මිතුරෙකුගේ උපන් දිනය සැමරීමට කටයුතු කළේ හෝටලය වසා කළමනාකරු පිටව ගිය පසුය. සේවකයින් දෙදෙනකු පිටතට ගොස් මත්පැන් බෝතල දෙකක්ද කුකුළු මස් සොසේජස් පැකට් කිහිපයක්ද, හෝටලයේ ආරක්ෂක නිලධාරියාට හොරෙන් කුස්සියට රැගෙන ආවේ ඉනේ ගසාගෙනය. ක්ෂණිකව සොසේජස් බැද හිස් පැකට්ටු කුණු බඳුනට දැමූ ඔවුහු මත්පැන් පානයට පටන් ගත්හ. මේ කිසිවක් නොදත් ආරක්ෂක නිලධාරියා හෝටලයේ ඉදිරිපසට වී රාජකාරියේ නිරත විය. එක් සේවකයකුට හොරෙන් සාදය පැවැත්වීමට උරණ වූ එම සේවකයා කාටත් හොරෙන් තම ජංගම දුරකතනයෙන් කළමනාකරුට මේ බව දැන්වීය. උදෑසනම පැමිණි කළමනාකරු කුණු බඳුන පරීක්ෂා කිරීමේදී හිස් සොසේජස් පැකට්ටු දැකගත හැකි විය. සාදයට මුල්වූ සේවකයින් දෙදෙනකු සේවයෙන් පහකෙරුණු අතර ආරක්ෂක නිලධාරියාගේද දින දෙකක වැටුප කපා හැර ඇත.
ක්‍රිස්ටෝපර් සීපියන්
COMMENTS
මේ විදිහට කුණු බඳුනේ තිබූ හිස් සොසේජස් පැකට් දෙකක් නිසා සේවකයින් සේවයෙන් පහ කරන්න බෑ. ළඟම පිහිටි කම්කරු කාර්යාලයට ගොස් මේ ගැන පැමිණිල්ලක් කර නැවත සේවය හෝ වන්දියක් ලබා ගන්න පුළුවන්.
හරිම අසාධාරණ වැඩක්... රාජකාරියෙන් බැහැර වූ අවස්ථාවක තමන්ගේ නිදහස භුක්ති විඳින්නට නොහැකි නම් එය කම්කරු උසාවියට දැන්විය යුතු කරුණකි..
ඉතින් මේ වගේ එවුන් ඉන්න කන් මේ රට හදන්නේ කොහොමද??? තමන්ට නොලැබුණු දෙයක් නිසා කේලම් කියන හිවල්ලු ඉන්නකන්. සහ ඉරිසයකර මිනිස්සු ඉන්නකන්.