(උණවටුන ඩි.ජී. සුගතපාල)
හබරාදුව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු ළඟ මාතලේ ප‍්‍රදේශයේ පදිංචි අයිය මලෝ දෙදෙනෙක් සේවය කළහ. අයියාගේ සේවය ගැන පැහැදී සිටි ව්‍යාපාරිකයා ඔහුට යතුරුපැදියක් ගෙනදීමට තීරණය කළේය. එසේ තීරණය කළේ ඔහුගේ ව්‍යාපාරික කටයුතු ද පහසුවෙන් කර ගැනීම සඳහාය.
එනිසා ව්‍යාපාරිකයා අයිය මලෝ දෙදෙනා ද මෝටර් රථයේ නංවාගෙන ගාල්ල නගරයට ආවේ අයියාට යතුරුපැදියක් ගෙන දීමටය. යතුරුපැදිය මිලදී ගැනීම සඳහා ගෙනා රුපියල් දෙලක්ෂයක් සහිත පසුම්බිය මෝටර් රථයේ කැබිහෝල් එකේ විය.
ගාල්ල නගරයට පැමිණිවිට ව්‍යාපාරිකයාට දුරකතන ඇමතුමක් ලැබුණේය. එනිසා ඔහු අයිය මලෝ දෙදෙනාගෙන් මල්ලි මෝටර් රියේ සිටියදී අයියා සමඟ එම පණිවුඩය ලැබුණ මිතුරා හමුවීමට ගියේය. එසේ ගොස් විනාඩි දහයකින් ඔවුන් දෙදෙනා ආපසු පැමිණියත් මෝටර් රථයේ නවතා ගිය පුද්ගලයා නොවීය.
එනිසා ඔහුගේ දුරකතනයට ඇමතුමක් ගත්විට කියා සිටියේ ඉක්මනින් එන බවය. එහෙත් විනාඩි කිහිපයක් යනතුරුත් ඔහු නොපැමිණි නිසා මෝටර් රථයේ තබා ගිය මුදල් පසුම්බිය බැලූවේය. රුපියල් දෙලක්ෂය සහිත පසුම්බිය අතුරුදන්ය. ඒ සමඟම ව්‍යාපාරිකයාගේ දුරකතනයට ඇමතුමක් ආවේය. ”මට එන්න වෙන්නේ නැහැ. ඔය දෙන්නා යන්න.”
සිදුව ඇති දෙය දෙදෙනාටම පැහැදිලිය. පසුව ව්‍යාපාරිකයා ගාල්ල පොලිසියට පැමිණ රුපියල් දෙලක්ෂයේ සොරකම ගැන පැමිණිලි කළේය. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක සුජීව සිල්වා මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මල්ලි අයියාටත් පොල්ලක් තියා පැනලා