මත්ද්‍රව්‍ය මුළු රටම වෙලාගෙනය. මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ පොලිසියද සිටින්නේ පෙරට වඩා විමසිල්ලෙනි. මහමග යන එන කාදෙසත් පොලිසිය විමසිලිමත් වන්නේ මේ කුඩු ජාවාරම හා කුඩු බෙදාහැරීම මහ දවාලේ පවා සිදුවන නිසාය.
මහනුවර ප්‍රදේශයේ පොලිසියේ රථ වාහන අංශයට අනුයුක්තව සේවය කළ රාලහාමිලා දෙදෙනෙකු මාර්ග නීති කඩන රියදුරන් අල්ලන්ට ප්‍රධාන පාර අසලට ගියේ යතුරුපැදියෙනි. යතුරුපැදිය පැත්තක නවතා මාර්ගයේ යන එන වාහන පරික්ෂා කරන්නට ගත්තා පමණි. සැකකටයුතු වාහන පරීක්ෂා කරමින් මොවුන් දෙදෙනා කිහිප දෙනකුට දඩ කොළ ද ලියා දුන්නේ රථවාහන වැරදිකරුවන්ට අවවාද ද කරමිනි. යතුරුපැදියක නැගී තරුණයින් දෙදෙනකු එනු දුටු එක් පොලිස් නිලධාරියෙක් යතුරුපැදිය නතර කිරීමට අණ කළේය.
සැනින් යතුරුපැදිය නතර කෙරිණි. රියදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය ඇතුළු ලියකියවිලිවල ප්‍රශ්නයක් නැත. නමුත් ඒ තරුණයින් දෙදෙනාගේ හැසිරීම නම් පොලිස් නිලධාරීන් දෙපළට ඇල්ලුවේ නැත. මොනවද ඔය මල්ලේ ඇතිවූ සැකය මත එක් පොලිස් නිලධාරියෙක් මල්ල අතේ තබාගෙන සිටි තරුණයාගෙන් විමසීය. නෑ සර්... නෑ සර්... මේ.. මේ.. තරුණයා ගොත ගසන්නට විය. ඉහෙන් කනින් ඩාබිඳු ද මතුවන්නට විය. කෝ.. ගන්නව බලන්න මෙහාට එක් පොලිස් නිලධාරියෙක් උරය ඇද එයට අත දැමීය. එපා එපා සර්... බලාගෙන තරුණයා එසේ කියද්දී පොලිස් රාලහාමි උරයට අත දමා හමාරය. බුදුඅම්මෝ මගෙ අත ඉවරයි කියමින් පොලිස් රාලහාමි කෑග සන්නට විය. උරය තුළින් එළියට ආ තඩි මීයන් පොලිස් රාලහාමිගේ ඇඟ දිගේ යමින් කැලයට දිව ගියේ අහළ පහළ මාර්ග යේ ගමන් ගත් මිනිසුන් බඩ අල්ලාගෙන සිනහවෙද්දීය.
අනේ සර් සමාවෙන්න. අපි කැලේට විසිකරන්න ගිය මීයෝ ටික සර්මනේ ඇඟේ දාගත්තෙ කියමින් තරුණයින් දෙදෙනා යතුරුපැදියේ නැගී ගියේ හොඳ වැඬේ වුණේ කියමිනි. කටුගස්තොට ධම්මික ගුණවර්ධන
2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මල්ලකට අතදාලා ඉල්ලන් කාලා