(ක‍්‍රිස්ටෝපර් සීපියන්)
ඔහු අගනුවර හෝටලයක සේවය කරන තරුණයෙක්. හෝටලයට නුදුරින් පිහිටි කාමරයක් ඔහුගේ නවාතැන විය. හෝටලයට අලූතින් පැමිණි තරුණයෙකුට නැවතීමට තැනක් නොතිබූ නිසා තරුණයා ඔහු අමතා ‘‘මගේ කාමරේට වරෙන්. කොහොම හරි දෙන්නම ඉමුයි’’. පැවසීය.
දැන් දෙදෙනාම සේවයට පැමිණෙන්නේ කාමරයේ සිටය. දිනක් පළමු මිතුරාට විදේශගත මිතුරකුගෙන් ත්‍යාගයක් ලැබිණි. එය ලෙදර් වර්ගයේ සපත්තු කුට්ටමකි. පළමු මිතුරාට නිවාඩු ලැබී ගමට යෑමට සූදානම් වූ විට අනෙකා ”මචන් අර සපත්තු කුට්ටම තියලා පලයන්, මට හවසට ගමනක් යන්න තියෙනවා.” යැයි කීය.
මිතුරා එය තබා යෑමට කාරුණික විය. නිවාඩු ගොස් පැමිණි මිතුරාට සපත්තු කුට්ටම දක්නට නොලැබිණි. ඒ ගැන විමසීමේදී ”මම ඊයේ එද්දී කාමරේ දොර ඇරලා තිබුණා. හොරෙක්වත් අරන් ගියාද දන්නැහැ’’. අනෙකා පැවසීය.
දිනක් පළමු මිතුරා මල්වත්ත පාරේ ගමන් කරන විට ඔහුට හුරු පුරුදු සපත්තු කුට්ටමක් පදික වේදිකාවේ විකිණීමට තබා ඇති අයුරු දැකගත හැකි විය. සපත්තුවක් අතට ගත් ඔහු එහි ඇතුළත පරීක්ෂා කළේ, නැති වූ සපත්තුවේ නම ලියා තිබූ බව මතක් වීමෙනි. පුදුමයකි ඔහුගේ නම එහි තිබිණි.
‘‘මොකද මල්ලී’’ වෙළෙන්දා විමසීය. ‘‘අයියා මේක මගේ සපත්තු කුට්ටම. මගේ නමත් තියෙනවා. ඒත් මේක මට එපා. මේක විකුණපු කෙනාගේ හැඩරුව විතරක් මට කියන්න’’. ඔහු පැවසීය. වටපිට බැලූ වෙළෙන්දා ‘‘මිනිහගේ දකුණු කම්මුලේ ලොකු ලපයක් තියෙනවා’’. යැයි කීය. ලපය තිබුණේ තරුණයාගේ මිතුරාටය.
2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිතුරාට ගමේ යන්න දුන් සපත්තු කුට්ටම කොළඹදී හමුවෙලා