(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මුහුණුපොතේ දැන්වීමකට අනුව කොරෝනා බෙහෙතක් සාදා පානය කළ බව කියන ගම්වැසි පිරිසක කිහිපදෙනකු කැරකිල්ල, ක්ලාන්තය වැනි රෝග තත්ත්වයන්ට මුහුණ පෑමේ පුවතක් ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා වෙයි.
මෙම පිරිස අදාළ ඔසු වර්ග සොයා යද්දී ඒ සම්බන්ධයෙන් දැනුමැති අයකු එක් විශේෂිත ඔසු වර්ගයක් වැඩිපුර ගැනීමෙන් ඇති විය හැකි වෙනත් උපද්‍රව්‍ය පිළිබඳව දන්වා ඇතත් මේ පිරිස ඔහුගේ අදහසට වඩා මුහුණුපොත විශ්වාසයට ගෙන ඇත. එම ඔසු වර්ගය නිසා සිරුරේ සීනි මට්ටම දැඩි ලෙස පාලනය වන බවත් ඖෂධය සකසා පානය කරන්නේ නම් සීනි ආහාරයට ගැනීම වැදගත් බවත් ඔහු එම පිරිසට කියා දී තිබේ.
එම අදහස් පසෙකලා මේ පිරිස සාදාගත් ඖෂධය දින හයක් තිස්සේ පානය කර ඇති මේ අතරතුර ඔවුන්ට පෙර කී රෝගී තත්ත්වයන් ඇති වී තිබේ. පසුව දන්නා හඳුනන වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගෙන ඇති අතර ඔවුන්ගේ සිරුරේ සීනි මට්ටම අඩුවීම නිසා ඔවුන් රෝගී වී ඇති බව එහිදී හෙළි වී ඇත.
‘‘ගමේ එකාට වඩා මුහුණුපොත විශ්වාස කළ අපිට මෙහෙම වෙලා මදි’’යැයි ඒ අතර සිටි වැඩිහිටියකු පැවසූ බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දේශීය වෙදකමට විහිළු කරන්න එපා... කොරෝනාවලට කඩේ යන්න එපා.