IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බිරියගේ හොර අල්ලන්න ගිය සැමියාට ගුටි පූජාවක්

(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
දුරකතනයෙන් සිය බිරියගේ හොර ඇල්ලීමට ගොස් ඇයගේ මිතුරන්ගෙන් ගුටි පූජාවක් ලැබුණු පුවතක් එක්තරා නගරයකින් වාර්තා විය.


සිද්ධිය මෙසේය.


 ඇය විවාහක කාන්තාවකි. ඇයට ලැබුණු නාඳුනන දුරකතන ඇමතුමකට ප්‍රතිචාර දැක්වූ ඇයට නිතර නිතර දුරකතන ඇමතුම් ලබාදෙමින් ඇයට හිරිහැර කරන්නට පටන්ගෙන තිබේ.


ඔහුට ඇය හමුවීමට අවශ්‍ය බවත් පැමිණිය හැකි දිනයක් දන්වන ලෙසත් ඔහු නිතර පවසා තිබේ. ඇය මේ බව සැමියාට කියන්නට නොගියේ ඔහු බොහෝ විට ඇය කෙරෙහි සැක උපදවා ගන්නා නිසාය. එහෙයින් සිය සැමියා නොහඳුනන ඇය දන්නා පාසල් මිතුරන් කිහිපදෙනකුගෙන් ඇය මේ සම්බන්ධයෙන් කුමන පිළියමක් ගත යුතු දැයි විමසා ඇත.


එවිට ඔවුන් ඇයට පවසා ඇත්තේ ඔහුට නගරයේ යම් ස්ථානයකට පැමිණෙන ලෙස දන්වන ලෙසත් ඔහු ඇඳන් එන ඇඳුම් පිළිබඳව ඔහුගෙන් අසා දැන ගන්නා ලෙසත්ය.


ඇය එලෙසම කටයුතු කර ඔහු පිළිබඳව විස්තරය මිතුරන්ට දන්වා ඇත. කෙසේ වෙතත් එදින බිරියගේ හොර ඇල්ලීම සඳහා එම ඇඳුම් ඇඳගෙන නියමිත ස්ථානයට පැමිණි සැමියාට ඇයගේ මිතුරන්ගෙන් ගුටි පූජාවක් ලැබී තිබේ. පසුව ඔහු රෝහල්ගත කර ඇති අතර ගුටි කා ඇත්තේ සිය සැමියා බව දැනගත් ඇය අන්දුන් කුන්දුන් වී ඇත. පසුව සිය මිතුරන්ට ද මේ බව ඇය දන්වා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ දුන් තොරතුරු අනුව අදාළ පුද්ගලයාටම පහරදුන් බවය.


අලුත් සිම්පතක් ගෙන කටහඬ වෙනස් කර බිරියගේ හොර ඇල්ලීමට ගොස් සිදු වූ අකරතැබ්බය හා ලජ්ජාවට වඩා ඔහුට සිය බිරියගේ මුහුණ බැලීමට හුඟ කලකට බැරි වුණාලු.

 



අදහස් (0)

බිරියගේ හොර අල්ලන්න ගිය සැමියාට ගුටි පූජාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site