ටී.වී. එකේ ප්‍රවෘත්ති බලා අඟල් 14” රූපවාහිනියට දෙකේ දෙකේ පොල්ලකින් ගැසු පුද්ගලයකු පිළිබඳව වාර්තා විය.

සිද්ධිය මෙසේය, ඔහු සාමාන්‍ය රැකියාවක් කරන පුද්ගලයෙකි. විවාහක පුද්ගලයකු වන ඔහු දෙදරු පියෙකි. දිනපතා ටී.වී. එකෙන් ප්‍රවෘත්ති බැලීම ඔහු පුරුද්දක් කරගෙන තිබේ. ප්‍රවෘත්ති වලට යන විවිධ සිදුවීම් නිසා ඔහු කොහේ සිටියත් අනිවාර්යයෙන් ප්‍රවෘත්ති වේලාවට නිවසට පැමිණේ. සිද්ධිය වූ දිනයේ ද ඔහු රැකියාව නිම කර නිවසට පැමිණ ප්‍රවෘත්ති බැලීමට සූදානම් වී තිබේ. එදින ප්‍රවෘත්ති විකාශයේ වැඩියෙන්ම කිය වී ඇත්තේ බදු සම්බන්ධ ප්‍රවෘත්තිය.
ප්‍රවෘත්ති විකාශයෙන් බාගයක් පමණ නැරඹුවත් බදු ගැන හාල් සම්බන්ධව දේශපාලන අධිකාරියේ පක්ෂ විපක්ෂ අදහස් මිස කිසිවක් පෙන්වා නොමැති අතර ඒ සම්බන්ධයෙන් උරණ වූ ඔහු ගෙදර දර මඩුවට ගොස් දෙකේ දෙකේ පොල්ලක් ගෙනවිත් රූපවාහිනිය කුඩු වෙනකම් පහර දී ඇත්තේ ආවේගය නිසා ගෙදර අන් අය කියන දේ කනකට නොගණිමිනි. කෙසේ වෙතත් ගෙදර උදවිය මෙගා නාට්‍ය බැලීමට නොහැකි බව කන් කෙඳිරි ගාද්දි පසුවදාම ඔහු අලුත් රූපවාහිනියක් රැගෙන ආවාලු.
(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd