IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පෙම්වතාගේ කෙරුවාව දඩ කොළෙන් මාට්ටුවෙලා

 (කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
 ‘කටේවත් නොතියන’ යයි පැවැසූ අනාගත සහකරු හොඳ බේබද්දකු බව පොලිස් දඩ කොළෙන් මාට්ටු වූ අපූරු පුවතක් අසන්නට ලැබුණි.


 ඇය රූමත්ය. ධනවත්ය. පවුලේ සිටි එකම ගැහැනු දරුවා ද වූවාය. කසාදය සඳහා කල වයස ද පැමිණ සිටි තැනැත්තියක් ද වූවාය. ඒ නිසාම පවුලේ අය ඇයට පරස්තාවක් ද සොයමින් සිටියහ.


 ඒ සඳහා සුදුසුකම් රැසක් ද ඔවුහු සෙවූහ. අංක එකටම බැලු‍වේ මිල මුදල් වතු භාගයට වඩා ගතිගුණය. ඒ අතරින් රහමෙර පානය නොකරන අයෙකු වීම අනිවාර්ය සුදුසුකමක් විය. එයට ද ලොකු හේතුවක් තිබේ. ඒ ඇයගේ පියා බේබදුකම නිසා අකාලයේ මිය පරලොව යාමය.


 මෙම තරුණිය සඳහා විවාහ යෝජනා කිහිපයක් ඉදිරිපත් වූයේ මේ වටපිටාව මධ්‍යයේය. ඒ හැම එකක්ම ඉවතට විසි වූයේ යෝජනා වූ තරුණයන් ඉඳහිට හෝ මත්පැන් පානය කිරීම නිසාය. රහමෙර කටේවත් නොතියන දුර පළාතේ තරුණයකු පිළිබඳව යෝජනාවක් ආවේ මේ අතරය. ඒ සම්බන්ධයෙන් සොයා බැලු‍ව ද ඒ හැම තොරතුරකින්ම ආවේ ඔහු නොබොන කෙනකු බවය. 


මේ නිසාම එම යෝජනාවට මේ තරුණිය හා ඇයගේ පවුලේ අය එක පයින්ම කැමැති වූහ. ඒ ඔහු නොබොන කෙනකු බව දැන ගන්නට ලැබීමත් ඇයටම ගැළැපෙන රූප සොබාවක් ඔහු තුළ තිබීමත් යන කාරණා නිසාය. ඔහු ධනවත් තරුණයකු වීමද ඊට තවත් හොඳ තල්ලු‍වක් විය. දෙන්නාට දෙන්නාගේ කේන්දර ගැළැපීම ද මීට තවත් විශේෂ සුදුසුකමක් විය.


 කවදාවත්ම කටේ නොතියන තරුණයා මේ තරුණියගේ නිවෙසට ආවේ ගියේ දෙපාර්ශ්වයේම අනුදැනුම ඇතිවය. ඔවුනගේ ආශිර්වාදය මධ්‍යයේය. දුර පළාතක කෙනකු වුවත් ඔහු සිය අනාගත සහකාරිය බැලීමට මාසයකට කිහිප වරක්ම ඇයගේ නිවෙසට පැමිණියේය.


 ඔය අතරවාරයේදී තරුණියගේ නිවෙසට පැමිණි ඔහුට හදිසි අවශ්‍යතාවක් ඇතිවිය. එය ඉටුකර ගැනීමට ඔහු සිය මුදල් පසුම්බිය හා වටිනා ජංගම දුරකතනය කලිසම් සාක්කුවෙන් ඉවත් කොට තරුණිය වාඩි වී සිටි පුටු සැටිය ඉදිරියේ තිබූ මේසය මත තබා ගියේය.


 මේසය උඩ තිබූ අනාගත සහකරුගේ මුදල් පසුම්බියට ඇයගේ නෙත ගියේ ඉබේටම මෙන්ය. ඇය එය අතට ගෙන පරීක්ෂා කළේ ඔහුගේ ලස්සන ඡායාරූපයක් එහි තිබේ ද කියා සොයා බැලීමට සහ එය සොරකම් කිරීමේ අටියෙනි. ඒ ඔහුගේ ළඟ එන උපන්දිනයට ඔහුට නොදැනෙන්න ඔහුගේම ඡායාරූපයක් ඊට සම්බන්ධ කොට උපන්දින කාඩ්පතක් සාදා දීමේ අරමුණෙන්ය. 


එහිදී ඇයට මුදල් පසුම්බියේ තිබුණු පොලිස් දඩ කොළයක් දක්නට ලැබුණි. ඇය සිතුවේ යතුරුපැදියක ආරක්ෂිත හිස්වැසුමක් නැතිව ගමන් ගත්තාට ගසන ලද දඩ කොළයක් කියාය. කොයිකටත් එය දිග හැර බැලූ ඇයට දෙවියන් බුදුන් සිහිවිය. එම කොළයේ සඳහන් නම ඔහුගේය. වරද බීමතින් රිය පැදවීමය. අධිකරණයට පැමිණෙන දිනයක් ද එහි සඳහන්ව තිබුණි.


 මේ තරුණිය එම කොළය මුදල් පසුම්බියෙන් රැගෙන සිය මවට පෙන්වූවාය. මේ අතරවාරයේ හදිසි අවශ්‍යතාව ඉටුකරගත් තරුණයා ද ඔහු වාඩි වී සිටි තැනට පැමිණියේය. තමාගේ අනාගත සහකාරිය එතැන නොසිටි බැවින් ඔහු ඒ පිළිබඳව විපරමෙන් සිටින විට තරුණියගේ මව එතැනට පැමිණියාය. “පුතා කිව්වා නේද කවදාවත්ම බීලා නැහැ කියලා” යයි තරුණියගේ මව ඔහුගෙන් ඇසුවාය. “ඔව් ඔව් ඇන්ටි මම බොන්න තියා කවදාවත්ම කටේවත් තියලා නැහැ” යයි ඔහු පෙරළා පිළිතුරු දුන්නේය.


 “ඒකත් එහෙම ද?” යයි පැවැසූ ඇය මෙතෙක් වේලාවක් පිටුපස සඟවාගෙන සිටි පොලිස් දඩ කොළේ ඔහුගේ අතට දුන්නේ “ආයෙත් මේ පැත්ත පළාතේ නාවාට කමක්නැහැ” කියමින්ය. වැඩේ වැරැදී ඇති බව තේරුම්ගත් ඔහු තමාටම දෙස් දෙවොල් තබමින් ගියේ තමාගේ අනුවණකම නිසා රූමත් ධනවත් තරුණියක අහිමි කරගත් දුක නැති කරගැනීමට තැබෑරුමක් සොයාය.



අදහස් (1)

පෙම්වතාගේ කෙරුවාව දඩ කොළෙන් මාට්ටුවෙලා

නිලීකා Thursday, 07 January 2021 03:38 PM

කොහොමත් ඒ මගුල වුණේ නැති එක හොඳයි. අනුන්ගේ පර්ස් අදින ඒ ගෑනු ළමයට වඩා හොඳ කෙල්ලෙක් ඒ කොල්ලට හම්බවෙයි. මොන දේ තිබුණත් අනුන්ගේ දේවල් අවුස්සන මිනිස්සු. ඒ කොල්ලා බේරුණා..

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site