(පුත්තලම - ජූඞ් සමන්ත, හලාවත ඔගස්ටින් ප‍්‍රනාන්දු සහ පුත්තලම අතිරේක බුද්ධි ලක්ෂාන්)
පොලිස් අණ නොතකා ධාවනය වූ බව කියන කුඩා ලොරියකට වෙඩි තබා එය අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී විෂ ඇට ශරීරගත වී මිය ගිය අයකුගේ මළ සිරුරක් හමු වූ බව පල්ලම පොලිසිය කියයි.
පෙරේදා 04 වැනිදා රාත‍්‍රි 10.00ට පමණ මෙම සිද්ධිය වී ඇත. ආඩිගම - කීරියන්කල්ලිය මාර්ගයේ දේවාලහන්දිය ප‍්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂා කිරීමට පල්ලම පොලිසියේ නිලධාරීන් කටයුතු කර ඇත.
වෙඩි ප‍්‍රහාරයෙන් පසුව නවත්වා ගත් ලොරිය පරීක්ෂා කරන විට ලොරියේ සිටි අය පවසා ඇත්තේ තමන් අසාධ්‍ය තත්ත්වයේ රෝගියකු රෝහල කරා රැුගෙන යමින් සිටින බවයි. ඒ අනුව ලොරියේ පිටුපස කොටස පරීක්ෂා කර බලන විට කොටසේ මිය ගොස් ඇති පුද්ගලයකුගේ සිරුරක් ඇති බවක්ද පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට හැකිවී ඇත.
ලොරිය පැදවූ බව කියන ආඩිගම - ගල්කුලිය පදිංචිකරුවකු පොලිස් වෙඩිපහරින් සුළු තුවාල ලබා ඇත. ඔහු මේවන විට හලාවත මහා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී. මළ සිරුර මුන්දලම දිසා රෝහලේ තැන්පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 30
99
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පිම්මේ ගිය ලොරියට වෙඩි තබා නවතා බලද්දී ඇතුළේ මළ මිනියක්
චන්ද්‍ර වීරසිංහ Thursday, 08 January 2015 08:34 PM
පොලිසිය දැක්කම බයහිතිලා බ්රේක් කියලා ඇක්සලරේටරය පෑගෙන්න ඉඩ තියෙන හින්දා මේ වෙඩිතියන එක නම් හරි භයානකයි නේද? අපිට කොයි වෙලාවේ වෙඩිවදීද දන්නේ නැහැ. (නි)
සඳුන් Wednesday, 07 January 2015 10:23 AM
වෙඩි වලට බයවෙලාම මියගියාද දන්නෙ නැහැ (නි)