(අවිස්සාවේල්ල විශේෂ සෝමසිරි හිඟුරලආරච්චි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට පෙනී සිටින තම දියණියට තොල් ආලේප සහ නිය ආලේප කර විදුහලට පැමිණීමට අවසර දෙන්නැයි එම සිසුවියගේ මව පාසලේ විදුහල්පතිනියගෙන් ඉල්ලා ඇති සිද්ධියක් කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තා විදුහලකින් වාර්තා විය.
මෙම සිසුවිය පසුගිය දිනක තොල් සහ නිය ආලේප කරගෙන පාසලට පැමිණ සිටියදී පාසලේ විනය බාර ගුරුතුමිය එම සිසුවිය තම කාමරයට ගෙන්වා තදින් අවවාද කොට වහාම තොල් සහ නියවල ඇති ආලේප සෝදා ඉවත් කරගන්නා ලෙස දැන්වීය.
ඒ අනුව එය සෝදා ඉවත් කර ගත් සිසුවිය නිවසට ගොස් තම මවට මේ සිද්ධිය පැවසීමෙන් පසු මව විදුහල්පතිනියට දුරකතනයෙන් කතාකොට තම දියණියට තොල් සහ නිය ආලේප කරගෙන පාසලට ඒමට අවසර ඉල්ලා ඇත.
එහිදී විදුහල්පතිනිය මව අමතා මෙසේ කීවාය.
මේක රජයේ බාලිකා විදුහලක්. විනය කියන එක විදුහල තුළ අකුරටම රකිනවා. ශිෂ්‍යාවන්ට මෙවැනි ආලේප තවරාගෙන ඒමට අවසර දුන්නොත් පාසලේ ගෞරවයට හා සිසුවියගේ තත්ත්වය පහළ වැටීමක්.
මවක් වශයෙන් ඔබ මේවා ගැන දන්නවාද? නොදන්නවාද? වර්ෂාවකටත් පාසලකට ගිහින් තියෙනවාද යැයි විමසා දුරකතනය විසන්ධි කර ඇති බව පැවැසේ.
එය අසා සිටි තරුණ මව පවසා ඇත්තේ අබුදස්ස කාලේ ලබුත් තිත්තයි කියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොල් සහ නිය පාට කිරීම සීතලෙන් මිදීමට සීත රටවල ස්ත්‍රීන් භාවිතා කරන ආලේපන ක්‍රම වේදයක්... එනමුත් එම රටවලද පාසල් ශිෂ්‍යාවන්ට අත්ඇඟිලි තුඩු හා තොල් පාට කරගෙන පාසලට එම විනය විරෝධී ක්‍රියාවක් ලෙස සැලකේ...
අබුද්ධස්සකලේ ලබුත් තිත්තයි කියාගන්න ඕනෑ අම්මාටම තමයි. මොලේ කළඳක් නැහැනේ...
නිය අලේප කොන්ඩ මෝස්‌තර හා ගවුම් වාටියෙන් ඔබ්බට ගිය විනයකුයි අවශ්‍ය. අවාසනාවට අපි තවමත් ගල් යුගයේ විදියට හිතන්නේ තරුණ ළමයි කවදද ෆැෂන් කරන්නේ ඕව මහා ලොකු කරන දගලන්න දේවල් නෙවි පාසලේ විෂයවත් උගන්වන්න හරියට නොහැකිව අනවශ්‍ය දේවල් හොයා හොයා ප්‍රශ්න හදාගන්නවා විනය කියන්නේ බාහිර පෙනුම නෙවි