(උණවටුන – ඩී.ජී. සුගතපාල)
මේ දිනවල පොල් මිල ඉහළය. පසුගිය කාලයේ පොල් මැන විකිණීමටද නියම කර තිබියදී තවත් තැනක පොල් ගැන අපූරු කතාද අසන්නට ලැබේ. මේ හබරාදුව, පිලාන, කොස්දූව ප්‍රදේශයේ ඉඩම් හිමියකුට සිදුවූවකි.
ඉඩම් හිමියාගේ පොල් ගස් කිහිපයක ගෙඩි කඩා ගැනීමට පොල් කඩන්නෙකු සෙව්වත් සොයා ගැනීම අපහසු විය.
මේ නිසා අල්ලපු ගමේ සිටින මිතුරකුට දුරකතන ඇමතුමක් දී පොල්කඩන්නකු ගෙන්වා ගත්තේය. පොල් කඩන්නා පැමිණ ගස මුල සිට උඩ බලා ගස්වලට නැග්ගේය. ඔහු එක ගසකින් පොල් වලු දෙක බැගින් කඩා දැම්මේය. මේ අතර ඉඩම් හිමියා බිම සිට උඩ බලා ‘‘ඇයි අර පොල් වල්ල පැහිලා කඩන්නේ නැද්ද’’ කියා කෑ ගසා විමසුවේය.
‘‘ඒ වල්ල තවම පැහිලා නැහැ. මහත්තයා’’ පොල් කඩන්නා ගස උඩ සිටම කෑ ගසා කීවේය. ගස් කිහිපයක පොල් කැඩූ කුලියද රැගෙන පිටව ගියේය. එහෙත් ගස් කිහිපයක පැහුණ පොල් වලු ඉතිරිව තිබෙන බව ඉඩම් හිමියාට පෙනින.
මේ අතර පසුදින අලුයම තුනට පමණ කිසියම් ශබ්දයක් ඇසී ඉඩම් හිමියා ජනේලය හැර බැලුවේය. ඔහු දුටුවේ දහවල් කාලයේ පැමිණ පොල් කැඩු පුද්ගලයා ගස්වල ඉතිරි කර තිබූ පැසුණ පොල් කඩාගෙන යන අයුරුය.
මේ බව ඔහු බිරිඳට පැවසූ විට බිරිඳ දොර පොල්ල ගෙන සැමියා අතට දුන්නත් බියට පත්වූ සැමියා ජනේලයද වසා ඇඳට ගුලි වූවේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.