(තිහගොඩ - උපසේන ලියනගම)
පරෙස්සමට තිබූදේ ඈලියාවට ගියා යැයි කියන ආකාරයේ සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණේ දේවාලයක් නිසා ප්‍රසිද්ධියට පත් නගරාසන්න ප්‍රදේශයකිනි.
උසස් පෙළ හදාරන තම රූම
ත් දියණිය පසුපස සල්ලාලයකු එන බව ආරංචි වූ පියා පොලිසියේ සේවය කරන තම ඥාතිපුතකුට කීවේ මේක මහ කරදරයක් නිසා දියණියට රැකවල් සලසන ලෙසටය. ඒ කටයුත්ත බාරගත් ඥාතිපුතා ඇය සමග නිල ඇඳුමෙන් සැරසී ආගිය විට සල්ලාලයා සිය කටයුතු අතහැර දැමූ බව පෙනුණි.
විවාහකයකු වූ ඥාති පුත්‍රයාට මේ පිළිබඳව ස්තුති කළ පියා ඉමහත් සතුටට පත්විය.
එහෙත් පසුගියදා උපකාරක පන්තියකට ගිය දියණිය ආපසු නොපැමිණි නිසා ඒ ගැන සොයා බැලූවිට සිය ඥාති පුත්‍රයාද අතුරුදන්වී ඇති බව සැලවිය.
ඔහු සිය පවුලට ද කොකා පෙන්නා අලුත් කැදැල්ලක් තනා ගැනීමට සිය දියණිය සමඟ ඈත පළාතකට ගොස් ඇති බව දැනගත් පියාට දෙවියන් සිහිවුණාලු.
2025 නොවැම්බර් මස 21
64
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
163
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1015
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
දියණිය සල්ලාලයාගෙන් බේරාගත් පොලිස් පුතා ඇයට දිවිඇතිතෙක් ආරක්ෂාව දීලා