තම සිව් හැවිරිදි දියණියව දඩාවතේ යන බල්ලෙකු සපා කා ඇති බව දැනගන්නට ලැබුනු පියාට තදින් කෙන්ති ගියේය.

මෝටර් රථ කාර්මික ශිල්පියෙකු වූ හෙතෙම නිවෙස අසල ගරාජයක තමන් නිරතව සිටි කටයුත්තද අතර මඟ නවතා වහාම සිය නිවෙස වෙත දිව ගියේ කෙසේ හෝ බල්ලා සොයා මරා දමන අදහසිනි.
ලේ ගලන තුවාලයක්ද සහිතව වේදනාවෙන් කෑ ගසමින් සිටි සිඟිති දියණිය දුටු ඔහුගේ ආවේගය දෙගුණ තෙගුණ විය.
මිදුලේ පසෙක තිබූ මුගුරක්ද අතට ගෙන බල්ලා ගිය ඉසව්ව විමසා ඒ දෙසට යාමට මේ පියා සැරසෙද්දී එතැනට රැස්ව සිටි අය කියා සිටියේ බල්ලා මරන්නට පෙර දරුවා වහාම රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර ලබාදීම මුලින් කළ යුතු බවයි.
ඒ අනුව දරුවාත් කැටුව රෝහලට ගිය පසුව රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරයා බල්ලා සපා කෑමෙන් ඇතිවූ තුවාලයට බෙහෙත් දමා ප්‍රතිශක්තිකරණ එන්නතක් පමණක් ලබා දුන්නේය.
සති දෙකක් පමණ ගත වන තෙක් සපා කෑ බල්ලා පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසත් යම් හෙයකින් බල්ලා හදිසියේ මියගිය හොත් පමණක් දරුවා නැවත රෝහලට රැගෙන එන ලෙසත් වෛද්‍යවරයා පියාට දැනුම් දුන්නේය.
එතැන් පටන් වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කළ දැරියගේ තාත්තා ඒ බල්ලා ගැන සොයා බලන්නට උනන්දු විය.
මඟ තොට දකින විට බල්ලාට බනිස් ගෙඩියක්, විස්කෝතුවක් අරන් දෙන්නටද හේ අමතක නොකළේය. මෙසේ ටික දවසක් ගතවනවිට බල්ලා ඔහුට හොඳටම හිතවත් විය. පසුව ගෙදරම ලැගුම් ගන්නට තරම් ළෙන්ගතුකම මෝරා ගිය අතර දැන් බල්ලා පවුලේ සැමගේ සුරතලා බවට පත්වී ඇත. දැන් ඌට ටොමියා යනුවෙන් නමක්ද තබා තිබේ.
තම දරුවාව සපා කෑ නිසා පොල්ලකින් ගසා මරා දමන්නට තීරණය කර සිටි බල්ලාට මෙලෙස අභයදානය ලැබුණේ වෛද්‍යවරයා නිසා බව කාර්මික ශිල්පියා සිහිපත් කරයි.
මාතළේ, මඩවල නගරයට නුදුරු ගම් ප්‍රදේශයක සිදුවූ මේ සත්‍ය සිදුවීමට දැනට මාස 06කට වැඩි කාලයක් ගත්වි ඇති බවත් දැන් ටොමියා ඒ ගෙදර කාගේත් සුරතලා බවට පත්ව ඇති බවත් කියති.
(පොලොන්නරුව ක.ග. කරුණාරත්න)
2025 දෙසැම්බර් මස 30
83
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දියණිය සපා කෑ බල්ලා මිතුරකුවී ගෙදර ඇවිත්
දිමුත් Monday, 01 July 2019 07:40 AM
දෛවයේ කරණම්!
sampath Monday, 01 July 2019 10:17 AM
බල්ලෙක් සැප කෑවම ඒ සත්ව මරන්නේ මොන මී හරකාද? බලලා ස්වභාවිකව මිය යනවාද කියල විමසිල්ලෙන් සිටීමයි කල යුතු වෙන්නේ....