IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දෙදහසේ වැඩිහිටි දීමනාවේ මඟ වියදම එක්දහස් නවසීයක්

(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
වැඩිහිටි දීමනාව ලෙස ලැබෙන රුපියල් දෙදහසක මුදල ලබා ගැනීමට මෝටර් රථයකින් ගොස් වාහන කුලිය ලෙස රුපියල් එක්දහස් පන්සියයක් ලබාගත් පුද්ගලයකු පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩිහිටියකු සිය මාසික වැඩිහිටි දීමනාව ලබාගැනීම සඳහා යාමට ත්‍රිරෝද රථයක් සොයාගැනීමට දැඩි උත්සාහයක් දැරුවේය. ත්‍රිරෝද රථයක් සොයාගැනීමට නොහැකිව ආපසු නිවසට එමින් සිටි ඔහුට කාර් රථයක් හිමි අල්ලපු ගමේ සිටින හිතවතෙකු මුණගැසුණි. ආගිය තොරතුරු කතා කිරීමෙන් අනතුරුව සිය අවශ්‍යතාව හිතවතාට පැවසීමට වැඩිහිටියා වගබලා ගත්තේය.


වැඩිහිටියාගේ ඉල්ලීමට ක්ෂණිකව ක්‍රියාත්මක වූ හිතවතා ඔහුද නංවාගෙන කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි නගරයේ පිහිටි තැපැල් කන්තෝරුව අසලටම ගොස් වැඩිහිටියා බස්සවා දීමනාව රැගෙන එනතෙක්ද රැඳී සිටියේය. දීමනාවද ලබාගෙන එන ගමනේදී නගරයේ හෝටලයකින් දෙදෙනා තේ පානය කළ අතර එහිදී දුම්වැටි කීපයක්ද මිලදීගෙන හිතවතාට ලබාදුන්නේය.


මෝටර් රථයෙන් නිවස අසලින් බස්සවා යාමට සැරැසෙද්දී ‘පුතේ හයර් එකට කීයක් අවශ්‍ය දැ’යි වැඩිහිටියා විමසා සිටියේය. ‘මාමේ එක්දහස් පන්සියයක් දෙන්න’ යැයි හිතවතා පැවසීමත් සමග වැඩිහිටියාගේ හිස ගිනිගත්තේය. කිසිවක් කරතියාගත නොහැකිව අන්දමන්දව සිටි වැඩිහිටියා තම කමිස සාක්කුවේ ඉතිරිව තිබූ රුපියල් එක්දහස් හය සියයක මුදලින් රුපියල් එක්දහස් පන්සියයක් හිතවතාට ලබාදී ඉතිරි රුපියල් සියය සාක්කුවේ දමාගෙන ගෙදර ගියේය. තමන් මුහුණදුන් සිද්ධිය බිරිඳට පැවසීමත් සමග උරණ වූ බිරිඳ සැමියාටද බැනවදිමින් සිදුවීම අසල්වාසීන්ට පැවසීම නිසා කතාව ගමපුරා පැතිරයාමට වැඩි දිනක් ගත නොවීය.

 



අදහස් (0)

දෙදහසේ වැඩිහිටි දීමනාවේ මඟ වියදම එක්දහස් නවසීයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 537 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 483 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site