IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උදේ හවස මල් කඩන මුණුබුරාට ආච්චිගෙන් වේවැල් වට්ටියක්

උදේ සවස මල් කඩන නගරයේ ජිවත්වන තම එකම මුණුබුරාට මල් කැඞීම සඳහා ගමේ සිටින ආච්චි විසින් වේවැල් වලින් අලංකාර වට්ටියක් වියා තෑගි කළ පුවතකි මේ.

ඇය තම ස්වාමිපුරුෂයා සමග ජීවත්වූයේ ගමේ මහ ගෙදරය. එකම පුතා නගරයේ පෞද්ගලික ආයතනයක උසස් රැුකියාවක් කරන අයෙකි. ඔහුගේ බිරියද රජයේ ආයතනයක විධායක මට්ටමේ නිලධාරිනියකි. ජීවත්වූයේ නගරයේ පිහිටි ඔවුන්ගේ නිවසේය. ඔවුන්ගේ එකම පුතා විදේශ රටක වසර තුනක් උසස් අධ්‍යාපනය ලබා මෙරටට පැමිණියේ සති කිහිපයකට පෙරයි. කුඩා කාලයේ තම අතේ හැදුණු වැඩුණු මුණුබුරාට ආච්චි දැක්වූයේ අසීමිත සෙනෙහසකි.

පසුගිය දිනක උදෑසන ඇය පුතාගේ නිවෙසට දුරකථන ඇමතුමක් ගත්තේ මුණුබුරාගේ සුවදුක් විමසීමටය. එහෙත් එම අවස්ථාවේ මුණුබුරා නිවෙස තුළ නොසිටි අතර දුරකථන ඇමතුමට පිළිතුරු දුන් ගෙදර සිටින වැඩකාර කොලූවා පැවසුවේ බේබී මහත්තයා මිදුලේ අඹ ගස්යට මල් කඩන බවය.

එදින සවස් යාමයේ ද ඇය නැවත එම නිවෙසට දුරකථන ඇමතුමක් ගත්තේ මුණුබුරා හා කතාබහ කිරීමට ඇති ආශාව නිසාය. ඒ අවස්ථාවේදී නිවෙස තුළ සිටියේ වැඩකාර කොලූවායි. ‘‘බේබි මහත්තයා දැනුත් ගෙදර නෑ, ගේට්ටුව ළඟට වෙලා මල් කඩනවා දැන් හුඟක් වෙලා ඉඳලා’’ කොලූවා පැවසීය.

පසුගිය සති අන්තයේ තම පුතා ඔහුගේ බිරිඳ හා මුණුබුරා මහ ගෙදරට පැමිණියේ මහ ගෙදර සිටින මව්පියන් බැලීම සඳහාය. එදින දවස ගතකොට සවස් යාමයේ ඔවුන් පිටත්ව යාමට මෝටර් රථයට ගොඩවූ මොහොතේ ආච්චි කුඩා පාර්සලයක් තම මුණුබුරා අත තැබුවේ මෙසේ පවසමිනි.

‘‘පුතාට කතාකරන හුඟක් වෙලාවට ඒක ගන්නේ් වැඩකාර කොලූවා. එයා කියන්නේ පුතා මේ වෙලාවේ මල් කඩනව කියලා. මේකේ තියෙන්නේ මං වේවැල්වලින් වියපු ලස්සන වට්ටියක්. පුතා මේක තියාගන්න මල් කඩන්න. උදේට හවසට මල් පූජාකරන එක කොච්චර හොඳද?’’

මෝටර් රථයේ වූ තිදෙනාම ඔවුන් එකිනෙකාගේ මුහුණු දෙස බැලූවේ නිතර විශේෂ කතා කියන වැඩකාර කොලූවා ආච්චිට ලණුවක් දී ඇති බව වටහා ගනිමිනි. ඔහු මල් කඩනවා කියා ඇත්තේ තරුණ මුණුබුරා විදේශ රටක සිටින තම පෙම්වතිය සමග දුරකථනයෙන් නිතර කතා කරන නිසාය.



අදහස් (0)

උදේ හවස මල් කඩන මුණුබුරාට ආච්චිගෙන් වේවැල් වට්ටියක්

අබරන් Monday, 04 January 2016 05:10 AM

අනේ කාලේ වනේ වාසේ කීවලු !! (බ)

:       0       0

කාශ්‍යප Monday, 04 January 2016 06:07 AM

කරුණාවන්ත ආච්චි අම්මා! (බ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 04 January 2016 06:30 AM

කාලෙන් කාලෙට සිංහල භාෂාවට අලුතෙන් වචන එකතු වෙනවා විවිධ අරුත් ඇති , සමහරවිට මේ ආත්තම්මා දන්නේ නැතුව ඇති ඒ, වචනේ තේරුම මොක උනත් මුණුපුරා කෙරෙහි ඇති සෙනෙහසින් දීපු තෑග්ග නම් වටිනවා මිල කරන්න බැරි තරම්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site