IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අල්ලපු ගෙට ගොඩවෙලා ඉල්ලාගෙන පරිප්පුවක් කාලා

(තිහගොඩ උපසේන ලියනගම)
අසල්වැසි නිවෙසකට උදව්වක් කිරීමට  ගිය මැදිවියේ පුද්ගලයකුට පොලිසියට යාමට සිදුවීමේ පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ ‘‘ගහකට ගහක් හමුවෙනවා’’ යැයි ප්‍රකට නගරය අසල නිවසකිනි.


ඔහු අසල්වැසි නිවෙසට උදයේම ගියේ ‘‘ඉඟුරු’’ කැබැල්ලක් ඉල්ලා ගැනීමටය. ගෙදර සිටියේ බිරිඳ හා දරුවන් පමණකි. සැමියා  වැඩට ගොස්ය.


ඉඟුරු කැබැල්ලක් ගැලවීමට ගිය ඇය ‘‘එන්න ගෙයින් වාඩිවෙන්න’’ කීවේ හිතවත් කමටය. ගෙයි වාඩි වූ ඔහුට බිත්ති ඔර්ලෝසුවේ වේලාව දහය ලෙස පෙනුණත් සැබෑ වෙලාව උදේ නවය වූ බව තම දුරකතනයෙන් දුටු ඔහු ඉඟුරු කැබැල්ල තමාට දෙන ගමන් මේ වෙලාවේ වරද ගැන ඇයට කීවේය.


‘‘ඔව්, අනේ මම කීප දවසක් මහත්තයට කීවත් ඒක හැදුවේ නැහැ.’’‘ ‘‘ඇය කීවෙන් දිරිමත් වූ ඔහු මම හදල දෙන්නම්.’’ කියා අසල වූ ප්ලාස්ටික් පුටුවක් ගෙන එහි නැග බිත්ති ඔර්ලෝසුව ඇල්ලුවා පමණකි. පුටුවක් කඩාගෙන ඔහු බිම වැටුණේ බිත්ති ඔර්ලෝසුව ද බිම වැටී කුඩු කරගෙනය. නිවසේ කාන්තාව ‘‘කමක් නෑ’’ කියා ඔහුට නැගිටීමට උදව් කළත් ගෙදර ආ සැමියා බලවත් කෝපයට පත්ව ඔහුට දුරකථන ඇමතුමක් දුන්නේ අලුත් පුටුවක් හා බිත්ති ඔර්ලෝසුවක් ගෙනත් නුදුන්නොත් පොලිසිය යන බව පවසමිනි. 


මෙය විහිළුවකැයි ඔහු සිතුවත් මෙය ඇත්තටම කළ ඉල්ලීමක් බව ඒත්තු ගියේ දුරකතන සංවාදය අවසානයේ තර්ජනයක් බවට පත්වීම නිසාය. 

 



අදහස් (1)

අල්ලපු ගෙට ගොඩවෙලා ඉල්ලාගෙන පරිප්පුවක් කාලා

arschfikaa Saturday, 09 October 2021 12:01 AM

ඔච්චරද කතාව ?මමනම් බලාපොරොත්තු වුනේ වෙන දෙයක් .

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site