IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අයියාගේ පෙම්වතියගේ හොර අල්ලන්න ගිහින් මල්ලී පරිප්පු කයි

(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
විදෙස්ගත අයියාගේ ඉල්ලීම පරිදි ඔහුගේ පෙම්වතියගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමට ගිය මල්ලීට හා ඔහුගේ යහළුවකුට පොලිස් කූඩුවේ ලගින්නට සිදුවීමේ අපූරු පුවතක් දකුණු පළාතේ නගරයකින් වාර්තා විය.


කොරියාවේ සේවය කරන තරුණයකු තරුණියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත. එම පෙම්වතියට මෑත කාලයේදී බැංකුවක රැකියාවක් ලැබී එම රැකියාවට ගොස් ඇති අතර එයට පෙම්වතා විරෝධය පළකර තිබේ. පෙම්වතිය බැංකුවක රැකියාවට යාම ගැන සැක පළ කළ තරුණයා ඇය ගැන සෙවීමට මළනුවන්ට පවරා ඇති අතර මල්ලී ඔහුගේ යහළුවෙකු ද ඒ සඳහා හවුල් කරගෙන ඇතැයි පැවසේ.


තම පෙම්වතියගේ ජංගම දුරකතනය කෙසේ හෝ පරීක්ෂා කරන ලෙස විදෙස් ගත අයියාගෙන් මල්ලීට උපදෙස් ලැබී ඇති බව හෙළිවී ඇත. පසුගිය දිනක තරුණිය රැකියාවට යන මාර්ගයේ රැකවල් දමා සිටි තරුණයාගේ සොහොයුරා හා යහළුවා තරුණියගේ දුරකතනය උදුරාගෙන පළා ගිය බැවින් ඇයගේ කෑගැසීම ඇසී නගරයේ සිටි ආරක්ෂක නිලධාරීන් පළායමින් සිටි තරුණයින් දෙදෙනා මහත් වෙහෙසක් දරා අල්ලාගෙන තිබේ.


අල්ලාගත් තරුණයන්ට පොලිස් කූඩුවේ ලගින්නට සිදුවූ අතර තරුණියගේ බලවත් ඉල්ලීම නිසා සිද්ධිය සමථයකට පත්වූ අතර මෙම සිද්ධියෙන් පසුව ඔවුන්ගේ ආදර කථාවද අවසන් වී ඇතැයි පැවසේ.

 



අදහස් (0)

අයියාගේ පෙම්වතියගේ හොර අල්ලන්න ගිහින් මල්ලී පරිප්පු කයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site