මනාල යුවළගේ මධුසමය ඡායාරූප ගැනීමට සහ වීඩියෝ ගත කිරිමට පැමිණි ශිල්පීන් දෙදෙනකු එම හෝටලයේම පැවැති වෙනත් මංගල සාදයකට සහභාගී  වී සොරෙන් ආහාර ගෙන පලායෑමට තැත් කිරීමේදි අල්ලා මුදල් අයකර ගැනීමේ සිද්ධියක් අවිස්සාවේල්ලට නුදුරු ප‍්‍රදේශයකින් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.

අවිස්සාවේල්ලට නුදුරු හෝටලයකි.

මෙදින නැකත් දිනයකි. එනිසා එහි වැඩකටයුතු අධිකය උත්සව ශාලාවේ පෙර අපර දිග ක‍්‍රමයටම මිශ‍්‍ර වූ මංගල උත්සවයකි. ඇතැම් අයගේ මුවින් ඉංග‍්‍රිසි වචනද සිංහල වචනද පිට වෙමින් කාලයත් අනුව නර්නයේදී යෙදී සිටින පිරිසක්ද වූහ. යුවළ හෝටලයේ කාමරයක මධුසමය ගත කරමින් සිටින අතර එම යුවළ හැඩ ගැන්වීම සඳහා යුවළක් පැමිණ කාමරයතුළ ඒ කාර්යයේ යෙදී සිටියහ. කාලය කෙමෙන් ගෙවී යයි. යුවළ නිවෙස වෙත කැඳවාගෙන යාම ප‍්‍රමාද වන බව ඔවුන්ගේ ඥාතියෝ පැමිණ මේ ශිල්පීන්ට දැන්වීය. සාදයේ ඇතැම් පිරිස් හොටලය තුළ කෑම ගනිමින් සිටිති. තවත් පිරිසක් මධුවිතින් සප්පායම් වෙති.
දැන් හරියට බඩගිිනියි. අපි හීන් සැරේ කාටත් නොදැනෙන්න අර වෙඩින් එකෙන් කෑම කමු. ඒ අය කොහෙත්ම සැක හිතන්නේ නැහැ. අපි ඒ අයගේ වැදගත් ඥාතින් වගේ ටයි කෝට් ඇඳලනේ ඉන්නේ. බැහැ මචං  කාටහරි අසුවුනොත්  පටි රෝල්.  

ඒ ඡුායාරූ හා වීඩියෝ ශිල්පීන් දෙදෙනාගේ දෙබසකි. මේ දෙබස ඒ මංගල සාදයට සහභාගි වෙමින් සිටි ඥාතියකුට ඇසුණි.

එහි පුටුවල වාඩිවී පසුව කෑම බෙදාගත් මේ දෙපළ අමුත්නන් අතර  අමුත්තක් නොවන ආකාරයෙන් කටයුතු කළහ.  
හදිසියේ  ඔවුන්  ඉදිරියට පැමිණි අමුත්තෙක් මෙසේ පැවසීය.

අපි වෙනත් ඡුායාරූප හා වීඩියෝ  ශිල්පීන් ගෙන්නුවේ නැහැ. අපේ අය ඉන්නවා. ඔයාලාට එන්න කීවේ ආරාධනා කළේ කවුද?
ඔවුන්ගෙන් පිළිතුරක් නැත.

අපි සීමිත ප‍්‍රමාණයකට ආරාධනා කළේ. ඒ අයට විතරයි කෑම ලෑස්ති කළේ. දැන් කෑම මදිවෙලා ඇත්තේ.  උවමනවටත් වැඩි පිරිසක් මේ සාදයට අද සහභාගි වෙලා ඉන්නවා. ඒක නිසා කරන්න දෙයක නැහැ. කරුණාකර ඔය දෙන්නා අර කවුන්ටරයට රුපියල් 3000 ගෙවන්න යැයි පැවසීය. කලිසන් සාක්කුවල මුදල් පසුම්බි වලට අත යැව්  දෙදෙනා බිල ගෙවා පිටවූයේ තමන් කරන්න පැමිණි කාර්යද අමතක කරමිනි.