IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සැනිටයිසර් පානය කිරීමෙන් ඉන්දියානුවෝ 10 ක් මිය යති

ඇල්කොහොල් භාවිත කර නිෂ්පාදනය කළ අත් සෝදන දියර (සැනිටයිසර්)  පානය කිරීමෙන් ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ 10 දෙනෙක් පමණ මියගොස් ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටී.

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් එම ප්‍රදේශයේ මත්පැන් විකුණන ස්ථාන වසා දමා තිබීමෙන් ඔවුන් සැනිටයිසර් පානය කිරීමට පෙළඹී ඇති බවට සැක කරන බව මාධ්‍ය වාර්තා කරයි.  

කුරිචේදු නම් එම ගම්මානයේ කොරෝනා ආසාදිතයින් බහුලව හමු වී තිබේ.

මියගොස් ඇති පුද්ගලයින් ජලය සහ සිසිල් බීම සමග සැනිටයිසර් මිශ්‍ර කර පානය කර ඇති බව පොලීසිය පවසයි.

දැඩි ලෙස මත්පැන් පානය කිරීමට පුරුදු වී ඇති සමහර පුද්ගලයින් එම මිශ්‍රණයන් දින 10ක් පමණ පානය කර ඇති බව පැවසේ.

 

(හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි)

(125)



අදහස් (2)

සැනිටයිසර් පානය කිරීමෙන් ඉන්දියානුවෝ 10 ක් මිය යති

udaya Monday, 03 August 2020 10:40 AM

ඉන්දියාවේ මෝඩ මිනිස්සු ගොඩක් ඉන්නවා. වරක් ඔවුන් බිත්තර ෂැම්පූ පානය කළ නමුත් ශ්‍රී ලංකා දේශපාලකයින් සිතන්නේ ඉන්දියානු උපදෙස් අන් සියල්ලටම වඩා හොඳ බවයි. ශ්‍රී ලංකාවේ ඉන්දියානු උපදේශකයින් / ගුරුවරුන් කී දෙනෙක් සිටීද?

:       0       1

අතුල Monday, 03 August 2020 01:48 PM

ඉන්දියානු හමුදාව 1987 සාම සාධක මෙහෙයුම් සඳහා ලංකාවට ආපු වෙලාවෙ, මෙලෝ සිහියක් නැතිව බිත්තර කියල හිතාගෙන "එග් ෂැම්පූ" බිව්වා. පොල් තෙල් බෝතල් පිටින් බිව්වේ. ඒ මිනිස්සුන්ගෙ උගත් කම තමයි. ඒ වගේම අපේ රටේ මිනිස්සු හොරුන්ට ඡන්දෙ දෙන එක දැකල අපිටත් කියනවා "උවූන්ගෙ උගත් කම තමයි කියලා". බලනකොට දෙකම ඇත්ත.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site