
විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනූව භූමිදානය පිළිබදව තීන්දුව ගනු ලබන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (13) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මෙම අදහස් දක්වන ලදි.
''කොවිඩ් - 19 වැළදී මියගිය පුද්ගලයින්ගේ මෘත දේහයන් භූමිදානය සම්බන්ධයෙන් විවිධ අයගෙන් ඉල්ලීම් ලැබී තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව ඔවුන්ගේ තව වාර්තා කිහිපයක් මා වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් පසුගිය කැබිනට් මණ්ඩලයේ දී මෙම කාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය කිසිදු තීන්දුවක් ගනු ලැබුවේ නැහැ. කැබිනට් මණ්ඩලයට මෙම කාරණය මතු වූ අවස්ථාවේ දී කැබිනට් මණ්ඩලය මා වෙත දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තා අනුව කටයුතු කරන ලෙසයි. එම නිසා එම වාර්තා මා වෙත ලැබුණු පසු අවසන් තීන්දුව ගැනීමට බලාපොරොත්තු වෙනවා'' යැයිද අමාත්‍යවරිය කීවාය.

COMMENTS
තව ටික දවසක් යනකොට සාමාන්‍ය මරණයක් වගේ මැරිච්ච කෙනා ගෙදරටත් ගෙනියන්න පුළුවන් වෙයි. එකම රටක්... නීති 2ක්. කොහෙන් හිනා වෙන්නද මන්දා..?
මේ නෝනට තියෙන්නේ නොදන්නා දේවල් බදාගෙන අපරාදේ කුණු බැනුම් අහන්නේ නැතුව අනිත් කට්ටිය වගේ තමන්ගේ තරමට ගැලපෙන දන්නා කියන දෙයක් ඉල්ලාගෙන පැත්තකට වෙලා ඉන්නයි. ඒ කියන්නේ එහෙම දෙයක් සොයාගන්න තියෙනවා නම් හොඳේ...
කොරෝනා දේවි අනාගන්න හදන්නේ...!!
එක නීතියක්, එක රටක්... ජනාධිපතිගේ වචන 4ට ගරු කරන්න.
චමල්ලා, සබ්‍රිලා වෙනම කැබිනට් රැස්වීම් තියෙනවා වගේ. ඔය දෙන්නම කීවා. ඕක කැබිනට් එකේ සම්මත වුණා කියලා. කොහොම හරි විමල්ට පාරෙ බැහැලා යන්න බැරි වෙනවා.. වොයිස් කට් දීලා.
"අනේ මහි.. මම කොහොමද තීරණයක් ගන්නේ..? උතුරෙන් සාමිලා, දකුණෙන් සාදුලා, නැගෙනහිරින් ලෙබ්බෙලා බටහිරින් සුවාමිලා.. එකයි මම මේ ගුලිවෙලා ඉන්නේ... එහෙම නැතුව මට කොරෝනා හැදිලා නොවෙයි. මට පුළුවන් ඔක්කොම දේවල් කළා මේ වයිරසය මෙල්ල කරන්න. වයිරස් එක මෙල්ල වුණත්. සාදුලයි, සාමිලයි, සුවාමිලයි ලෙබ්බෙලයි... මෙල්ල කරන්නේ කොහොමද...? "
සිරිසේන ඔයා මොනවද දුන්නේ...? මේවනේ වැඩ...
මැරුණාට පස්සේ ඔය විෂබීජ ගොඩ පුච්චලා රටේ ජනතාව ආරක්ෂා කරනවා මිස අන්තවාදීන්ගේ ගොන් කතාවලට කාලය වැය කරන්නේ කුමටද?
මෘත ශරීර භූමදානය කිරීමෙන් මීට ප්‍රථම ලොව වසංගත පැතිරී තිබෙනවා. මේ දරුණු භයානක වෛරසය අඩංගු මෘතදේහ පොළවේ වැළලීම කළහොත්, ගං වතුර හා ජල ගැලීම් වලදී වෛරස් ජලයට මුසූවුවහොත්, තත්ත්වය කෙබඳු වේද..? මෙවැනි දේ සිදුනොවේ යයි විශේෂඥ කමිටුවක් කෙසේ පවසන්නේද? වයිරස් සහිත මලමිනී පොළොවේ වල දැමීම වරදක් නොවේ යැයි පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය පෙරදී පැවසුවේ කොරෝනා වයිරසය ගෝලීය වශයෙන් ලොව ව්‍යාප්ත නොවන බවයි. අද එය බෝරුවී ලක්ෂ ගණනින් මිනිසුන් මිය ගියා නොවේද..? ඒ නිසා මැරුණු මිනී ගැන කතා පස්සකට විසිකොට මේ වසංගතයෙන් මිනිසුන් බේරාගැනීමට ක්‍රියාකරන්න. ඒ වෙනුවෙන් විශේෂඥ කමිටු පත්කරන්න. එක්තරා කොටසක මිත්‍යා මත සුරැකීමට මලමිනී ගැන මෙසේ කමිටු පත්කිරීම ගැන සැබැවින්ම කණගාටු විය යුතුයි.
පරිසරයට හානි වන විදිහට තීන්දු තීරණ ගන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. පොලිසිය පාරේ මිනිස්සු මැරුණා කියලා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කලා කියලා අත්ඩංගුවට ගැනිම් කරන්න යනවා එහෙම නම් එවා මුලින්ම පලකලේ ලංකාවේ ජනමාධ්‍ය ආයතන වල වෙබ්වලයි ඒ ආයතන වල ප්‍රධානින් හෝ එය පලකල අනුමත කල කතෘවරුන්, මාධ්‍යවේදීන් පළමුව අත්ඩංගුවට ගන්න ඕනේ. එ්වා උපුටාගනිමින් තමයි සමාජ මාධ්‍ය වාර්තා වෙන්නේ. ඇඳිරි නීතිය හෝ ලොක්ඩවුන් කළ පැතිවල සමාජ මාධ්‍ය හසුරුවන අයට යන්න බැහැ. නුවර කෙනෙක් නම් පානදුරේ එන්න පුළුවන්ද? එ්ක පැහැදිලිවම බැහැ. එහෙම නම් ඒ කෙනා දාන්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයක් වාර්තා කළ දෙයක් හෝ ඒ අදාල අවස්ථාවේ පොලිසියේ නිලධාරීන් ගත් ඔවුන් සමාජ මාධ්‍ය වෙත මුදාහැරපු එවා විය හැකිය. එහෙම නම් ෂෙයාර් කල අය අත්ඩංගුවට ගැනීම සාධාරණද? ඔබේ බුද්ධියේ විමසුමට විවෘතයි
දැන් කමිටුවක් දැම්මේ කබරගොයා තල ගොයා කරන්නද?. මීට ඉස්සෙල්ලා මේ තීරණය ගත්තේ ඔය විශේෂ කමිටුවකින් නේද? ඉතින් ආයේ ඔය කාසියේ පැත්තේ පෙරල පෙරලා බලන්නේ ඉතින් රටේ පාලකයන්ගේ නිවටකම නොවේද?
මගේ අදහස, නුවණින් සිතන්න. මෙ වසංගත ඔක්කොම අාවේ, සැටලයිට් එක අහස උඩට ගියාට පස්සේ. 21 වෙනිදා ඉඳලා ලංකාව විතරක් නෙමෙයි සමස්ත ලෝකයම බෑට කෑවා.
මේ සෞඛ්‍ය අමාත්‍යවරිය අද රටේ පවතින තත්වය පාලනය කිරීමට අසමත් වූ බව පිළිගෙන, එම තනතුර වෙන කෙනෙකුට පැවරිය යුතුයි.
වියළි කලාපයේ හම්බන්තොට සුදුසුම ස්ථානයයි.
මේක කලින් කෝවිඩ් රැල්ලේදී සෞඛ්‍ය අංශ ගනිපු තීරණය ආණ්ඩුව දේශපාලනීකරණය කළා මුස්ලිම් විරෝධී සිංහල ඡන්ද බාගන්න.. ඒ ඡන්දය ඉලක්ක කරගෙන. එදා මේ තීරණ මහින්දගේ කටින් ප්‍රකාශ විය යුතු නැහැ හරි නම්... මේක අදත් සෞඛ්‍ය අංශ පිට දමා රජයට ගැලවෙන්න තිබුණා. අද මේක රජයට පාරා වලල්ලක් වෙලා. මගේ අදහස නම් මරණ වැඩි වුවහොත් ආදාහනාගාර ප්‍රමාණවත් නොවී භූමදානවලට යන්න වෙයි නිතැනින්ම. ජලයෙන් මේක බෝ වෙන බවක් නැති නිසා සහ සොහොන් පිටි අසල ලිං වලින් ජලය බොන අය නොමැති නිසාත් පරිසර හිතකාමී භූමදානය වරදක් නොවේ..
අර ඡන්දෙට කළින් 100%ක් දේශද්‍රෝහී ගිවිසුමක් වන MCC ගිවිසුමෙන් 70%ක් හොඳ වුණා වගේ. ඡන්දය පහුවුණු නිසා සහ මුස්ලිම් සෙට් එක 20 වැනි සංශෝධනයට ඡන්දෙ දුන්නු නිසාත් කොරෝනා මරණ වලලන එකත් 70%ක් විතර ප්‍රශ්නයක් නැතිව ඇති.