(සිරිනිහාල් ගමගේ)
වඳුරඹ බැංකුවක ආරක්ෂක නිලධාරී හා තවත් 06 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගත් බැව් වෛද්‍ය නිලධාරි කාර්යා පවසයි.
මෙම ආරක්ෂක නිලධාරියා හා ඔහුගේ බිරිද ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සැකසිතී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත පැමිණ සෞඛ්‍ය නිලධාරීන් වෙත කරුණු පැවසීමෙන් පසු ඔවුන් දෙදෙනා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට භාජනය කර ඇත.
එහි පරීක්ෂණ වාර්තා අනුව මෙම ආරක්ෂක නිලධාරියාට හා ඔහුගේ බිරිඳට කොරෝනා ආසාදනය වී ඇති බැව් තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍යඅංශ සඳහන් කළේය.
මෙයට අමතරව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ තවත් පස් දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන ප්‍රතිකාර සදහා සෞඛ්‍ය මධ්‍යස්ථානය වෙත යොමුකොට ඇත.
කොරෝනා ආසාදිත ආරක්ෂක නිලධාරියාගේ නිවසේ දරුවන් තිදෙනකු සිටින අතර ඔවුන් ද පි සි ආර් පරීක්ෂණයට භාජනය කිරීමට නියමිතව ඇති බැව් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd