IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලන්ඩන් නුවරට දැඩි සීමා

 

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරට අද (16) සිට දැඩි සීමා පනවන බව එරට සෞඛ්‍ය ලේකම් (අමාත්‍ය) මැට් හැන්කොක් පැවැසීය.

ඒ අනුව ලන්ඩන් නුවර එසෙක්ස් ප්‍රදේශයේ වැඩි කොටසකටත් හර්ට්ෆෝර්ඩ්ෂයර්හි ප්‍රදේශවලටත් මෙම සීමා පැනවේ.

නව ක්‍රියාමාර්ග හේතුවෙන් මිලියන 34කට ආසන්න ජනතාවකට දැඩි සීමාවලට මුහුණ දීමට සිදු වේ.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බවත් ලන්ඩන් නුවරින් වේගයෙන් වයිරස ආසාදිතයන් හමු වීමත් ශීඝ්‍රයෙන් වයිරසය ව්‍යාප්ත වීමටත් එම නව ප්‍රභේදය හේතුවක් වන්නට ඇතැයි ද මැට් හැන්කොක් පැවැසීය.

බීමහල් සහ අවන්හල්වල් විවෘතව තැබිය හැකි වුවද ඒවායේ නැවතී ආහාර ගත නොහැකි අතර ආහාර රැගෙන යෑම සහ බෙදාහැරීම කළ හැකි ය.

නව සීමාවලට අනුව ක්‍රීඩාංගන සහ ගෘහස්ථ ක්‍රීඩාංගන පැවැත්වෙන ඉසව් නැරැඹීමට ප්‍රේක්ෂකයන්ට නොහැකි අතර නාට්‍ය හා රංගශාලා මෙන්ම සිනමා ශාලා ද වසා දැමිය යුතු ය.

නව කොරෝනා වයිරසය තවමත් අවසන් නැතැයි ද වයිරසයේ නව ප්‍රභේදය රටටම අනතුරු ඇඟවීමක් ද කරන්නේ යැයි ද සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් කීය.

එක්සත් රාජධානියෙන් සඳුදා දිනයේදී පමණක් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 20,263ක් වන අතර වාර්තා වී ඇති වයිරස ආසාදිත මරණ ගණන 232කි.

මේ අතර ලන්ඩන් අගනුවරින් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යමින් තිබෙන බවත් තත්ත්වය පාලනය කරගත හැකි මට්ටමකට ගෙන ඒම සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතු බවත් එනුවර පුරපති සදීක් ඛාන් පවසා ඇත.

ලන්ඩන් නගරාධිපති සදීක් ඛාන් මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට ලිපියක් ද යවා ඇති අතර දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන් සැලකිල්ලට ගැනීමේදී අගනුවර කෙරෙන ‘කොවිඩ්-19’ ආසාදිතයන් හඳුනාගන්නා පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කරන්නැයි ද ඉල්ලීමක් කර ඇත.

ඉදිරියේදී ලන්ඩන් නගරයට සීමා පනවන්නේ නම් එයින් බලපෑමට ලක්වන ව්‍යාපාර සඳහා සහන සැලසීම සහන වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන්නැයි නගරාධිපතිවරයා සිය මගින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

ලන්ඩන් නුවරින් වාර්තා වන වයිරස ආසාදිතයන් සැලකිල්ලට ගනිමින් දැනට පනවා ති‌බෙන දෙවැනි මට්ටමේ සීමා තෙවැනි මට්ටම දක්වා ඉහළ නංවන්නේ නම් එයින් ව්‍යවසනකාරී ආර්ථික බලපෑමක් සිදුවනු ඇතැයි ද සිය දහස් ගණනකට ඔවුන්ගේ ජීවනෝපාය අහිමි වනු ඇතැයි ද ලන්ඩන් නගරාධිපතිවරයා සිය ලිපියෙන් අනතුරු අඟවා ඇත.

එංගලන්තයට පනවා ඇති සියලූම සීමා සම්බන්ධයෙන් අද (16) වැනිදා නැවත විමසීමක්  කිරීමට නියමිත ය.

 

රොයිටර් සහ බී.බී.සී. ඇසුරිනි

055



අදහස් (0)

ලන්ඩන් නුවරට දැඩි සීමා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site