( ප්‍රින්ස් රත්නායක) 

 රත්නපුර ශික්ෂණ රෝහලේ පී.සී.ආර් . යන්ත්‍රය අක්‍රියවී ඇති බැවින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකළ නොහැකි තත්වයක් උදාවී ඇත.
 

ඒ අනුව බළන්ගොඩ 34 ඇතුළු ක සහ රත්නපුර දිස්ත්‍රක්කයේ 320කට ආසන්න ප්‍රමාණයකගේ පරීක්ෂණ කල් දැමීමට සිදුව තිබේ.
 
 මේ අතර කෝවිඩ්  ආසාධිතයෙක් සමීපව ඇසුරු කළ බළන්ගොඩ ප්‍රදේශයේ 6 ක අතුලු 34 ක ගේ පී.සී.ආර්. පරීක්ෂණ එළඹෙන 21 වැනිදා පැවැත්වෙන බව බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නූර්දීන් රිෆයිඩීන් මහතා පැවසීය.
 
 මෙම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට කොළඹින් කණ්ඩායමක් 21 වැනිදා පැමිණීමට නියමිත බවත් එම පරීක්ෂණ පැල්මඩුල්ලේදී සිදු කිරීමට  නියමිත බව හෙතෙම සඳහන් කළේය.
 
මේ වන විට ආසාධිතයෙක් සමීපව ඇසුරු කළ 06 දෙනාගෙන් අයෙක් හමුදාවේ නියුතු අයෙකු බවත් ඔහු හමුදාවෙන් රැගෙන ගොස් ඇති අතර කොරෝනා ආසාධිතයෙක් සිටි තංගල්ල ප්‍රදේශයේ හෝටලයක සේවය කළ අයෙක් එම පුද්ගලයා ඇසුරු කිරීම හේතුවෙන් නිරෝධායනයට ලක් කර ඇත.
 
 පළමු ඇසුරක් පැවැත්වූ 06ක් සහ ඔවුන් ගේ පවුල්වල පුද්ගලයන් 28ක් ඇතුලු 34 දෙනෙක් නිරෝධායනයට ලක් කර ඇත. මෙම පුද්ගලයන්ගේ පරීක්ෂණ රත්නපුර රෝහල් පී.සී,ආර් යන්ත්‍රය අක්‍රියවීම හෙතුවෙන් කොළඹින් මෙම පැමිණෙණ තෙක් සිටීමට සිදුව ඇති බවද වාර්තාවෙයි.
 
 මේ අතර රත්නපුර මහ රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් 14 වැනිදා මෙම පී. සී. ආර් පරීත්ෂණ සම්බන්ධව වීමසීමක් කළ අතර රත්නපුර රෝහළ වෙත පරීක්ෂණ සඳහා පැමිණ නැති බවත් ඒ පිළිබඳව තොරතුරු නොදන්නා බවත් සඳහන් කළේය.