(ජී.ඩබ්ලිව්.කේ ප්‍රේමතිලක ද සිල්වා)

මාලදිවයිනේ සිට මෙරටට ඉකුත් 30 වැනිදා පැමිණ කොග්ගල සංචාරක හෝටලයක පවත්වාගෙන යනු ලබන නිරෝධාන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටී  පුද්ගලයන් හය දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අද (01) තහවුරු වීමෙන් පසු ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච් රෝහලට යැවූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය.

අවුරුදු 25 සහ 40 යන වයස් කාණ්ඩ වල පසුවන මෙම පුද්ගලයන් කෝවිඩ් ආසාදිතයන් බව සොයාගෙන ඇත්තේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරන ලද පී.සී.ආර් පරීක්ෂණවලදී ය.