IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නෙවිල් ප්‍රනාන්දු රෝහලත් කොවිඩ් හා සටනට බසී

කොරෝනා ප්‍රතිකාර සේවාවන් ලබාදීම සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
 
ඒ අනුව අද (07)  සිට මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සිදු කිරීම සඳහා අවශ්‍ය මූලික සැළසුම් සකස් කෙරුන අතර, එම කටයුතු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නිරීක්ෂණයට ලක් විය.
 
 මෙහිදී ආසාදිතයන් වාට්ටු සංකීර්ණයට රැගෙන ඒමේ සිට ප්‍රතිකාර ලබා සුව වන තෙක් සෞඛ්‍ය සේවාවන් සැපයීම හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබදව මූලික සැළසුම් සකස් කෙරිණි.
 
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වාට්ටු සංකීර්ණ 03 ක් තුළ කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සඳහා ඇදන් 400 ක් වෙන් කොට ඇති අතර, වාට්ටු සංකීර්ණ සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ඉදිරි පියවර පිළිබද සාකච්ඡාවක් ද පවත්වන ලදි. 



අදහස් (1)

නෙවිල් ප්‍රනාන්දු රෝහලත් කොවිඩ් හා සටනට බසී

siri Wednesday, 07 October 2020 02:16 PM

කෝ මේ රෝහල ගැන මැරෙන්න දඟලපු දොස්තර සංගමය?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site