
(සිරංගිකා ලොකුකරවිට)
දකුණු පළාතෙන් ඊයේ (28) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 09 දෙනකු සමඟ මේ වනවිට පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 883ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසන්නේ මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 492ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 316ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 75ක් වාර්තා වී ඇති බවයි.
ඊයේ වාර්තා වූ ආසාදිතයන් 09 දෙනා අතරින් ආසාදිතයන් දෙදෙනකු වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. ඔවුන් දෙදෙනාම ගාල්ල මහ නගර සභා සීමාවෙන් වාර්තා වී තිබේ.
මාතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 07ක් වන අතර ඔවුන් දෙවිනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් හමුවී ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අලුතින් රෝගීන් වාර්තා වී නොතිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම උවදුර සදහා වන ඛෙහෙත් උපදෙස් පහත සදහන් ස්ථානවල ඇති බව පුන පුනා කිව්වෙ ජනතාවට එම ස්ථානවලින් ජනතාවට රෝග නිවාරණය කරගත හැක. සිරිකොත ප්‍රධාන කාර්යාලය, පොහොට්ටු ප්‍රධාන කාර්යාලය, සීනුව ඝණ්ඨාර ප්‍රධාන කාර්යාලය, ධම්මික පැණි නිෂ්පාදනාගාරය සියලුම දේශපාලන විහාරස්ථාන, සමගි ජන බලවෙගය ආයතනය, හෙළ උරුමය සංධිස්ථානය