IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


තායිවානයට කොවිඩ් ගෙනා ගුවන් නියමුවාට රැකියාව අහිමි වෙයි

තායිවානයේ ,ඊවා එයාර්  ගුවන් සමාගම වෙනුවෙන් සේවය කළ නවසීලන්ත ජාතික ගුවන් නියමුවෙකුගේ සේවය අත්හිටුවීමට එම ගුවන් සමාගම කටයුතු කර තිබේ.

මාස ගණනකට පසුව එරටින් කොරෝනා ආසාදිතයෙක් හමුවීමෙන් පසුව කොරෝනා වෛරසය නැවතත් තායිවානයට ගෙන ආ පුද්ගලයා ලෙස ඔහුට චෝදනා එල්ලවී තිබේ.
     
පසුගිය අඟහරුවාදා එම ගුවන් නියමුවාගේ ආශ්‍රිතයෙක් කොරෝනා ආසාදිතයෙක් ලෙස හඳුනාගැනුණු අතර එසේ තායිවානයෙන් කොරෝනා ආසාදිතයෙක් හමුවූයේ දීන 253කට පසුවය.

මෙම ගුවන් නියමුවාට දෙසැම්බර් මස මුලදී කොරෝනා වෛරසය වැළඳී ඇති නමුත් ඔහුට රෝග ලක්ෂණ මතුවී නොමැත.
 
තායිවානය සිය ගුවන් නියමුවන් සඳහා නිරෝධායන රීති හඳුන්වා දී ඇති අතර ඒ අනුව ගුවන් ගමනක් ගොස් නැවත පැමිණි පසු දින තුනක් අනිවාර්යෙන්ම නිරෝධායනයට ලක්විය යුතුය. ඔවුන්ව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරනු ලබන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් පමණි.
  
කොරෝනා වෛරස ආසාදිතයින් 777ක් සහ මරණ 7ක් තායිවානයෙන් වාර්තා වුුුුනි.
නත්තල් උත්සවය වෙනුවෙන් සංවිධානය කිරීමට නියමිතව තිබු උත්සව කිහිපයක් නවතා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙන අතර නව අවුරුදු සමයේ ජනතාව තම නිවසට වී සිටීම සුදුසු බවට ද රජය යෝජනා කරයි.  
                                          
(ගාඩියන් ඇසුරෙනි)

(125)  



අදහස් (3)

තායිවානයට කොවිඩ් ගෙනා ගුවන් නියමුවාට රැකියාව අහිමි වෙයි

pakeer Sunday, 27 December 2020 02:51 PM

අන්න රටවල්..අපේ දේශපාලකයෝ... ඇදුමෙත් මළපහ කරගනීවි.

:       1       24

sena Sunday, 27 December 2020 03:07 PM

ඒකට අපේ කට්ටිය හතරවරම් බොරු කියලා ඒ මිනිස්සු කොවිඩ් ගෙනාපු මිනිස්සු ආරක්ෂා කරනවා.

:       1       27

සත්‍යය Monday, 28 December 2020 02:03 AM

තායිවානය කියන්නේ අප රට වගේම කුඩා දූපතක්. ඡනගහනයත් ලංකාවේ මෙන් මිලියන 20 ක් පමණ. එරට බලධාරින් කෝවිඩ් වසංගතය පාලනය කරේ නීතිය හැමෝටම එක ආකාරයට ක්‍රියාත්මක කිරීමෙන්... තායිවානයේ කෝවිඩ් නිසා පාසැල්, විශ්වවිද්‍යාල, ආපනශාලා වැනි දේ කිසිඳු දිනක වසා තැබුවේ නැත. එමෙන්ම තායිවාන් ජාතිකයින්ගේ දැඩි විනයත් මෙම තත්වයට බලපාන්නට හේතු වන්නට ඇත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 448 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site