IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ටජ් මහල 21 වැනිදා විවෘත කරයි

කොරෝනා වයිරසය හේතුවෙන් වසා දැමුණු ටජ් මහල ලබන 21 වැනිදා සිට මහජනතාවට විවෘත කිරීමට නියමිත ය.
 
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දියාව පසුගිය මාර්තු මාසයේදී දැඩි සීමා පැනවූ අතර ‘ලොක්ඩවුන්’ හෙවත් අගුළු දැමීම් හේතුවෙන් ටජ් මහල මාස හයකට ආසන්න කාලයක් මහජනතාවට විවෘත නොකෙරුණි.
 
ටජ් මහල අයත් ඉන්දියාවේ අග්‍ර පුරාවිද්‍යා සමීක්ෂණ කවයේ ප්‍රධාන/පාලක පුරවිද්‍යාඥයා වන වසන්ත් ස්වර්ණකාර් ‘ද ඉන්දියන් එක්ස්ප්‍රස්’ වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ ටජ් මහල සැප්තැම්බර් 21 වැනිදා සිට මහජනතාවට විවෘත කරන බව ය.
 
කෙසේ නමුත් ටජ් මහල, දිනකට විවෘත කෙරෙන්නේ සංචාරකයන් 5,000කට පමණක් යැයි ද හෙතෙම කීය.
අග්‍රා වේ තිබෙන අනෙකුත් පුරාවිද්‍යා වැදගත්කමකින් යුතු සිහිවටන සහ ස්මාරක ද සැප්තැම්බර් 1 වැනිදා සිට මහජනතාවට විවෘත කර ඇත. නිරෝධායන කලාපවලට සමීප හෙයින් ටජ් මහල සහ අග්‍රා බළකොටුව දිස්ත්‍රික් පරිපාලනයේ උපදෙස් පරිදි මෙතෙක් දවස් වසා දමා තිබිණි
.
සැප්තැම්බර් 21 වැනිදා උදෑසන සිට ටජ් මහල සංචාරකයන්ට විවෘත කෙරෙන අතර එහි පැමිණෙන සියලු දෙනා සියලු සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ පිළිපැදිය යුතු යැයි ද වසන්ත් ස්වර්ණකාර් පැවැසීය.

“මුඛ ආවරණ පැළැඳීම අනිවාර්යයි. ඒ වගේම ප්‍රවේශපත්‍ර මිලදී ගත යුත්තේ අන්තර්ජාලයෙන්” යැයි ද හෙතෙම කීය. ප්‍රවේශපත්‍ර කවුළු විවෘත කරන්නේ නැතැයි ද මේ වෙනුවෙන් නිර්මාණය කර තිබෙන මෘදුකාංගය ඔස්සේ වුවද ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි යැයි ද ඔහු කීය.
 
ඇස්තමේන්තු ගත කරන ලද ගණනය කිරීම්වලට අනුව වසරකට ලක්ෂ 70ත් 80ත් අතර සංචාරකයන් පිරිසක්  ටජ් මහල නැරැඹීම සඳහා පැමිණෙති. ඒ අතර විදෙස් සංචාරකයෝ ද වෙති. ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය නිසා දැනට පනවා තිබෙන ජාත්‍යන්තර ගුවන් ගමන් සීමා හේතුවෙන් මේ වසරේ දී විදෙස් සංචාරකයන් නොපැමිණෙනු ඇතැයි පැවසේ.

අග්‍රා බළකොටුව නැරැඹීම සඳහා වසරකට පැමිණෙන සංචාරකයන්ගේ ගණන ලක්ෂ 30කට ආසන්න වේ. නව කොරෝනා වයිරසය හේතුවෙන් මාර්තු 17 වැනිදා සිට ටජ් මහල, අග්‍රා බළකොටුව ඇතුළු පුරාවිද්‍යා ඉපැරැණි සිහිවටන සහ ස්මාරක මහජනතාවට වසා දමා තිබිණි.

 ටජ් මහල මුල් වරට මහජනතාව සඳහා වසා දැමුණේ 1965 වසරේ දී ය. ඉන්දු-පාකිස්තාන යුද්ධ හේතුවෙන් 1965 සහ 1971 වසරවලදී ටජ් මහල මහජනතාවට වසා දැමීමෙන් පසුව මෙසේ වසා දැමුණු පළමු අවස්ථාව මෙය වේ.
 
‘ද ඉන්දියන් එක්ස්ප්‍රස්’
 
 055
 



අදහස් (0)

ටජ් මහල 21 වැනිදා විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 530 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 480 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site