(තිලකරත්න දිසානායක.)
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වලව්වත්ත සහ බණ්ඩාරවත්තේ නිවෙස් දෙකක දෙදෙනෙකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
මිය යාමෙන් පසුව සිදු කළ පී.සී.ආර් පරීක්ෂාවේදී එම දෙදෙනා කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි ද සෞඛ්‍ය අංශ කියයි.
වලව්වත්ත පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක් සහ බණ්ඩාරවත්තේ පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවත් නිවෙස්වලින් පිටතට නොගොස් ඇති මෙම දෙදෙනාට රෝගය ආසාදනය වූ අන්දම අනාවරණය වී නොමැති බවත් කළ විමසුමසකට පිළිතුරු දෙමින් ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා කියයි.
එම පවුල්වල සාමාජිකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදරට පිටින් ගෙනෙන බඩුවලින් . බෙහෙත් වල ආවරණ වලින් , මුදල් වලින් කොරෝන වයිරස් එක එන්න පුළුවන් ,ඒ ගැන ලංකවේ හුඟදෙනෙක්ට අවබෝදයක් නැහැ
කොහොමද වැඩේ ගිය දුර. පිස්සු නටන්නේ නැතිව කල්තියා රට ලොක් ඩවුන් කර පාලනයක් කරා නම්, මේ අර්බුද නැහැ.
මේ වෛරසය රටට ඇතුල්වෙන්න නොදී මුලදිම රට ලෝකෙට වහලා රට දිව්වා නම් ... හරි අපරාදයක්... මනුෂ්‍ය ජීවිත නේද මේ..? පිට රට හිටිය අය නිරෝධායනය කරලා රටට ගන්න තිබුණු කොරෝනා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න ගිහින් මේ විනාශය...