(සුජිත් හේවාජුලිගේ)
කොළඹ පුරා සියයට සියයක්ම පැතිරෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා පවසයි.
මේ අතර ශ්‍රී ලංකාවේ ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් බිහි වන්නේදැයි සැකයක් මතුවන හෙයින් ඒ ගැන අධ්‍යයනය කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙරට සිදුවන සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලිය නිසා සැප්තැම්බර් මස අවසානය වන විට යම්කිසි සහනදායී තත්වයක් බලාපොරොත්තු විය හැකි බවද චන්දිම ජීවන්දර මහතා පැවසුවේය.
පිට පළාත්වලද ඩෙල්ටා පැතිරීමට පටන් ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පවසයි.
COMMENTS
මාසෙකට කලින් රටවහලා එන්නත්කරණය කරා නම් මෙහෙම විපතක් වෙන්නේ නැහැ. තවම ගෙවෙන්නේ රෝගීන් හමුවීමේ මුල් භාගයේත් මුලහරියේ. ඉස්සරහට රෝගීන් වැඩිවීම වළක්වන්නට නම් අවම මාසයක්වත් එකදිගට රට වැසිය යුතුමයි.
නිරෝධායන ඇඳිරිනීතිය ඊයේ පොළොන්නරුවේ වැව් බැම්ම උඩ විරෝධතා කරපු අයට වලංගු නැද්ද? එක රටක් එක නීතියක් කෝ? සේරම අසරණ මිනිස්සුන්ට විතරයි.
සිංහල බෙහෙත් බීලා ප්‍රතිශක්තිය වැඩි කරගන්න කියල උනන්දු කරන හැම වෙලාවේම බටහිර වෙද්දු ටික ඒක තලලා, පොඩි කරලා විනාශ කරලා දැම්ම. රටේ බහුතරයකට එන්නත දීලත් බයේ ඉන්න වෙලා. දැන් වත් හැදෙන්න. ආයුර්වේද රෝහල් වලට මිනිස්සු දැන් යන්නේ බලෙන්... ඒ එක්කම රටේ එක දිනකට වෙන ලෙඩ වලින් මැරෙන ප්‍රමාණයත් ප්‍රසිද්ධ කරන්න !!
ඒ කියන්නේ 1% වත් වෙන අය නැද්ද? හරියටම ශුවර්ද?
ලොව නන්දෙසින් විදේශිකයින් කොරෝනා රෝගයෙන් ගැලවීමට පැමිණෙන්නේ ලංකාවට නේද? සමහරවිට ඒ අය මේ වෙලාවේ එලෙස පැමිණෙන්නේ, ඩෙල්ටා ප්‍රබේදය ඒ අයටත් බෝවෙනවාද යන්න පරීක්ෂා කර ගන්න වෙන්න ඇති. කොරෝනාවලින් බේරෙන්න ඒ අය බෝට්ටු හා නැව් මාර්ගයෙනුත් තොග පිටින් එනවා කියලා තමයි ආරංචිය... ඔක්කොම අය මෙහාට පාත් වුණාම අපට තමයි කරදරේ.
ඩෙල්ටා වලින් වර්ල්ඩ් රෙකෝඩ් ඒකක තියය වගේ
හන්දියේ, කඩේ කොත්තු බාස් කොත්තු දාන්නෙත් නෑ... මෙයාගේ පරීක්ෂණ තරම් ඉක්මණින්..
තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සලසා ගැනීමයි හොඳම දේ.
ඕවා කියන්න ලොකු සර්ට
100% ඩෙල්ටා ටොෆි ද?