IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දමයි

( රොමේෂ් මධුෂංඛ)


කිලිනොච්චිය දිස්ත්‍රීක්කයෙන් කොවීඩ් 19 වයිරසය ආසාදිතයකු වාර්තා වීමත් සමග කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පිහිටි සියලුම පාසල් වෙතට අද (24) සිට වසා තැබීමට පියවර ගත් බවට උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එල්.ඉලංකෝවන් මහතා නිවේදනය කර ඇත.


කිලිනොච්චිය නගරයේ වෙළඳසැලක සේවය කල 72 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ දින උණ ආසාදනයක් හේතුවෙන් කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී  පුද්ගලයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.


අදාල ආසාදිතයා මේ වන විට වැලිකන්ද කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන ගොස් ප්‍රතිකාර කරන බවටද කිලිනොච්චිය සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසා සිටියි.


මේ අනුව කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග කිලිනොච්චියේ අධ්‍යාපන බලධාරීන් විසින් උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙලෙස අද දිනයේදී කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පාසල් අද සිට සිකුරාදා (27) දක්වා වැසීමට තීරණය කොට ඇති බවටද උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනය කොට ඇත.


මේ අතර කිලිනොච්චිය දිස්ත්‍රීක්කයෙන් වාර්ථා වූ කොරෝනා ආසාදිතයාට කොරෝනා වැළඳුනු අයුරු පිළිබඳව මෙතෙක් හෙලි වී නොමැති අතරම ඒ පිළිබඳව පරික්ෂණයක් අරඹා ඇති බවටත් අදාල ආසාදිතයා අසුරු කල කිහිප දෙනෙකුද හඳුනාගෙන ඔවුන් නිරෝධායනය කිරීම හා පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යොමු කොට ඇති බවටද කිලිනොච්චිය දිස්ත්‍රීක් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය විසින් වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 550 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site