IMG-LOGO

2023 ජුනි මස 10 වන සෙනසුරාදා


කොරෝනා සිරුරු භූමදානය සතියකින් කල්යයි

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දුන් නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සතියක් පමණ යන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. එම සිරුරු භූමාදානයට අවසර දෙන බවට නිර්දේශිත ගැසට් පත්‍රය ඊයේ (25 වැනිදා) රාත්‍රියේ ප්‍රකාශයට පත්කළ නමුත් ඊට අදාළ කොන්දේසි මෙන්ම රෙගුලාසි මේ වන තුරුත් නියම කර නොතිබීම ඊට හේතුව බවද එම ප්‍රකාශකයා පැවසීය.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ, කොන්දේසි සහ රෙගුලාසි මොනවාද යන්න සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (27 වැනිදා) පැවැත්වීමට නියමිතය. ඒ සම්බන්ධ නිර්දේශ, කොන්දේසි සහ රෙගුලාසි ලබන සතියේ මුල ප්‍රසිද්ධ කිරීමට නියමිතය.

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවට පැමිණි 2020 මාර්තු මාසයේ සිටම කොරෝනා අසාදිතයකු මිය ගිය අවස්ථාවලදී ඒ සෑම සිරුරක්ම අදාහනය කරනු ලැබිණ.

අමාත්‍යං ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ කොරෝනා ආසාදිත සිරුරු භූමදානය කරන්නේ නම් ඒ සඳහා ජන ශූන්‍ය ප්‍රදේශයක් තෝරාගෙන, රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්‍ෂණය ඇතිව, සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බවයි.



අදහස් (14)

කොරෝනා සිරුරු භූමදානය සතියකින් කල්යයි

නස්නීන් Friday, 26 February 2021 04:38 PM

ලාංකිකයන් මුලාකළ හැකියි. නමුත් ලෝකය මුලා කළ නොහැකියි.

:       1       6

Ratne Friday, 26 February 2021 04:43 PM

ඇයි මුස්ලිම් පමණක්? එකම නීතියක් රටටම කියන්නේ බොරුවක්ද?

:       2       3

habib Friday, 26 February 2021 05:16 PM

ජිනීවාවල මානව හිමිකම් සැසියට බයේ මේ ආණ්ඩුව බොරුවක් කරනවා වගේ ආයේමත්... බලමු ලබන සතිය වෙනකම්... ඊට පස්සේ අපේ කෙනෙක් කොරෝනා වලින් මැරුණොත් බලෙන් වළලනවා. ඒකේ දෙකක් නැහැ. අපි දැනටමත් මානව හිමිකම් ඔෆිස් එකට දැනුම් දීලා තියෙන්නේ. මේ ගොල්ලෝ මානව හිමිකම් ඔෆිස් එකේදී පූසෝ වගේ, සද්ද වහලා බිම බලාගෙන ඉන්නේ. ලංකාවේදී සිංහයින් සුනඛයින් වගේ... ලැජ්ජා නැද්ද?

:       4       5

prabashMonday, 01 March 2021 11:01 AM

ඔය ඉන්නේ සහරාන්ගේ ක්ලාස් ගිහින් වහන් වෙච්චි කට්ටිය...

:       0       1

වජිර හෙරත් Saturday, 27 February 2021 01:41 AM

ඔබගේ මෙම පුවත කියවන විට මුස්ලිම් ජාතික අයට පමණක් දුන් අවසරයක් ලෙස මා හට හැඟීයයි. නමුත් රජය භූමදානයට අවසර දුන්නේ සියලු රට වැසියාටයි... රජය කිසිසේත් මුස්ලිම් ජාතිකයින්ට පමණක් නීති පනවා නැත.

:       4       2

naagahanandaSunday, 28 February 2021 04:14 PM

මුස්ලිම් අයට ඕනෑ නිසා තමයි භූමදානය කරන්න හදන්නේ. වෙන මිනිස්සු භූමදානය කරන්න කියලා කෑ ගහන්නේ නැහැ.

:       0       1

Perera Saturday, 27 February 2021 03:57 AM

අද නොවෙයි හෙට... ඔහොම යමු සර්... !!! 

:       2       7

Asanga Saturday, 27 February 2021 04:28 AM

ඇයි මෙහෙමත් විහිළු සපයන්නේ? බලන් ගියාම ඔක්කොම බොරු මාධ්‍ය සංදර්ශන විතරයි.

:       0       8

pradeepa Saturday, 27 February 2021 05:46 AM

ආණ්ඩුව ජාත්‍යන්තරයේ ගාව දණගැහුවා... අපේ අප්‍රසාදය.. විමල්, උදයංග දැන් සැපද? අපිට නම් දැන් ගොඩක් සැප දැනිලා තියෙන්නේ ඡන්දය දුන්නාට මෙයාලාට...

:       1       7

ඛාන් Saturday, 27 February 2021 10:00 AM

ඉම්රාන් ඛාන් මහත්තයට ආයෙත් එන්න වෙයිවත්ද ?

:       4       21

amaradasa Saturday, 27 February 2021 11:29 AM

අපේ ඉම්රාන් මහත්තයා දැක්ක ගමන් අගමැති මහත්තයා බයවුණා. " කොවිඩ් ප්‍රශ්නේ ෂරි ෂරි .. ඔක්කොම අයව වළලනවා... ඒක නොවෙයි මචන් අත මාරුවට කීයක් හරි දීලා පලයන්..., පස්සේ දෙන්නම්..." කීවාලු. ඉම්රාන්ටත් සල්ලි නැහැනේ... කාගෙන්ද ඉල්ලා ගත්ත සල්ලි වගයකින් ටිකක් අපේ අගමැතිට දුන්නලු... හැබැයි ඒක රටේ වැඩකටද, නැතිනම් ගෙදර වියදම් වලටද කියලා අපි දන්නේ නැහැ.

:       0       11

විපරමා Saturday, 27 February 2021 11:33 AM

එහෙමනම් තව ටික කාලයක් බලාගෙන ඉන්න වෙයි.

:       1       6

Kassam Sunday, 28 February 2021 07:11 AM

සිරුරු පාකිස්තාන් වලට යවන්න තියෙන්නේ..

:       4       6

fairoos Sunday, 28 February 2021 07:12 AM

සලමන් ඛානුත් එන්න වෙයිද දන්නේ නැහැ..? නැතිනම් ජිනීවා ඉවර වෙනකම් බලා ඉඳිමු.

:       3       9

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි හයක කුඩු සමග තරුණයෝ දෙකක් මාට්ටු
2023 ජුනි මස 10 229 0

කොස්ගොඩ අද (10)උදේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී රුපියල් කෝටි හයක පමණ වීදි වටිනාකමක් ඇති මත් කුඩු තොගයක් ළග තබා ගත් තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ප


ජනපති ඉවුම් පිහුම් වැඩ බලන්න යයි
2023 ජුනි මස 10 453 0

මෙරට සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ලක්ෂ හැත්තෑ පහකට හරි කෑමක් බීමක් නෑ
2023 ජුනි මස 10 135 0

මෙරට පුද්ගලයන් ලක්ෂ 75ක් ( සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 33ක්) උග්‍ර ආහාර ගැටලුවකට ( ආහාර අනාරක්ෂිතභාවය) මුහුණදී සිටින බව එක්‌සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර


ආරුගම්බේ මුහුදේ ගසාන ගිය සිවු දෙනකු බේරා ගැනෙයි
2023 ජුනි මස 10 513 0

අරුගම්බේ උල්ල වෙරළ තීරයේ දිය නාමින් සිටිය දි දියේ ගසාගෙන යමින් සිටී තිදෙනෙක් විශේෂ කාර්ය බළකාය විසින් බේරා ගනු ලැබූහ.


ගුවන් තොටුපොළට ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක්
2023 ජුනි මස 10 765 0

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණෙන සහ පිටවන ගුවන් මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සදහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමා


උතුරේ ඉඩම් බෙදන්න ස්ථිර කාර්යාලයක්
2023 ජුනි මස 10 533 3

උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 351 1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1660 2
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 900 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site