
දෙවන කොරෝනා රැල්ලක් ඇතිවීම සඳහා ශ්‍රී ලංකාවට කොරෝනා වයිරසය යළි ඇතුළු වූයේ, ඉකුත් සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි යුක්රේන ගුවන්සේවයේ ගුවන් යානා කාර්යමණ්ඩලයෙන් බව වසංගත රෝග විද්‍යා අංශය විසින් කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද පැවසූයේ මෙම කණ්ඩායම සීදුව ආසන්නයේ හෝටලයක පසුගිය සැප්තැම්බර් මාසය මුලදී නවාතැන් ගෙන සිටි බවයි.
ඩේලි මිරර් පුවත්පත වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් වෛද්‍ය සුදත් සමරවීර මහතා එසේ පැවසීය.
''නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදුණු පිරිසගෙන් හෝ වයිරසය ඇති බව හඳුනානොගත් පිරිසගේ පැමිණීම නිසා කොරෝනා වයිරසයේ දෙවනි රැල්ල යළිත් රටට පැමිණියා වෙන්න පුලුවන්. නමුත් දැනට තහවුරු වන කරුණු අනුව වඩාත් පිළිගන්න පුලුවන් වන්නේ යුක්රේන ගුවන් සේවයට අයත් යානා කාර්යමණ්ඩලයෙන් වයිරසය පැමිණි බවයි'
යුක්රේන ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයේ 11දෙනෙක් ඉකුත් සැප්තැම්බර් 11 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන්ව සීදුව හෝටලයක නිරෝධායනය කෙරිණි. ඔවුන් නික්මයාමට පෙර හෝටල් පරිශ්‍රයෙහි සමුගැනීමේ සාදයක් පැවති අතර, ඊට බාහිර පුද්ගලයන් ද සහභාගී වූ බව වාර්තා වී තිබේ.
මෙම කාර්ය මණ්ඩලයේ එක් අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සැප්තැම්බර් 13වැනි දින තහවුරු විය. ඔහු කොළඹ අයිඩීඑච් රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරිණි. පසුව එම හෝටලයේ සේවකයන් 5දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනා ගැණිනි.
-6844

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් මේක රත්තරන් ආකාරයක්... දැන් මේ දෙවැනි රැල්ලෙන් කී දෙනෙක් හම්බ කරගන්නවද? ඒ මදිවට අළුත් වයිරස් ප්‍රභේද සහිත තුන්වන රැල්ලේ ජෛව සාම්පල මේ දවස්වල යුක්රේනයෙන් ආනයනය කරනවා.
දෙවන රැල්ලේ පළමු රෝගියා ලෙස වාර්තා වෙන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සුපර්වයිසර්වරියක්... එතකොට එයට ගියේ කොහොමද? මට හිතෙන්නේ මේ දොස්තරට නියෝග ලැබිලා තියෙනවා බ්‍රැන්ඩික්ස් එක ෂේප් කරන්න.
කොහොම වුණත් ලංකාවට කොරෝනා ගෙන්නගෙන හැමෝටම බෙදලා දුන්නයි. ජයවේවා..!!! මෙහෙමත් මෝඩ රැළක්...
මේ විශේෂඥයෝ චීනයට යැව්වා නම් මුලින්ම කොරෝනා ආපු තැනත් කියනවා. මාරයි, පුරාවිද්‍යාඥයෝ වගේ... ඒත් අපේ කරුමෙට ලෙඩේට බේතක් හොයාගන්න මෙලෝ උනන්දුවක් නැහැ. විශේෂඥ විභාගය පාස්වෙලා තියෙන්නේ ලෙඩේ ආපු තැන හොයන්න මිසක් ලෙඩේට බෙහෙත් කරන්න නොවේ වෙන්න ඇති. අධ්‍යක්ෂක කෙනෙක්නේ...
අහා ! ඒකයි මේ ඒ ගොල්ලොම ගෙන්නන්නේ? දැනුයි මට තේරුම් ගියේ..
බොරු කතන්දර හදන්නෙපා ඩොක්ටර්. දෙවන රැල්ල ඇතිකළේ බ්‍රැන්ඩික්ස් කාරයින්. එ්ත් ආණ්ඩුව ඒක හැංගුවා.
එහෙම යුක්රේනයෙන් කියලා දන්නවානම් මොකටද තව යුක්රේනයේ අයව මෙහෙට ගෙන්නලා සැප දීලා යවන්නේ මේ දවස්වල?
මේකට මූලික වුණේ කවුද? මිනුවන්ගොඩ රැල්ල තවම හෙව්වේ නැහැ.
සර්ලා මේවා ගැන දැනගෙන නේද ඕවා කියන්නේ..? කට්ටිය ගේන්න දීලා තියෙන්නේ..
හි හි..!!! යුක්රේන් එක්ක ජාවාරම් කරන ජාති හිතෛෂී පින්වතුන්ගේ වාසනා උදාව!!! ඕවාට ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ.
හරිම අපූරුයි.. අවුලක් නැහැ. විද්‍යාගාර මීයන් සඳහා යොදාගැනීමට 68 ලක්ෂයක් හරක් ඉන්න නිසා හොඳ නියැදියක් තිබෙනවා. පරීක්ෂණ ප්‍රතිඵල තමයි අපිත් බලාගෙන ඉන්නේ. අර බැසිල් ලොක්කා කිව්වනේ කොහොමද බෝ වෙන්නේ කියලා?
යුරේකා... යුරේකා... යුරේකා...
බැසිල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග සහ නිමල් ලාංසා කියන විදිහට සංචාරකයින්ගෙන් අපට බෝ වෙනවද කියලා අත්හදා බැලීමක්නේ කරන්නේ.
ඒකනේ විද්වත් මණ්ඩල වල අනුමැති සහ සර්ගේ විද්‍යානුකූල චින්තන ශක්තිය නිසා තුන්වන රැල්ල හොයාගන්න ලේසි වෙන්න යුක්රේනයෙන් කෙලින්ම ගෙවන්නේ තමුන්ගේ ඩිල් යාළුවට කියලා...
නන්දසේනගේ ටිකිරි මොලේ තමයි මොලේ.. ආදාහන, භූමදාන සද්ද අස්සේ පැණි බෙදනවා. වයිරස් ආනයනය කරනවා. සීනිවලින් බිලියන ගණන් ගහනවා. බාර් ලයිසන් 5ක් දෙනවා. අපේ උරුමයන් විනාශ කරනවා. කැලෑ කපනවා. රාජපක්ෂ පවුලට සෞභාග්‍යෙය් දැක්ම නියමෙට වැඩ කරනවා.
මේවා දැන දැනද අර රොතු පිටින් ලංකාවට ගෙන්න ගන්නේ යුක්රේන්වලින්ද?