IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


කොරෝනා දෙවන රැල්ල ආවේ යුක්රේන සේවකයන්ගෙන්

දෙවන කොරෝනා රැල්ලක් ඇතිවීම සඳහා ශ්‍රී ලංකාවට කොරෝනා වයිරසය යළි ඇතුළු වූයේ, ඉකුත් සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි යුක්රේන ගුවන්සේවයේ ගුවන් යානා කාර්යමණ්ඩලයෙන් බව වසංගත රෝග විද්‍යා අංශය විසින් කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද පැවසූයේ මෙම කණ්ඩායම සීදුව ආසන්නයේ හෝටලයක පසුගිය සැප්තැම්බර් මාසය මුලදී නවාතැන් ගෙන සිටි බවයි.

ඩේලි මිරර් පුවත්පත වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් වෛද්‍ය සුදත් සමරවීර මහතා එසේ පැවසීය.

''නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදුණු පිරිසගෙන් හෝ වයිරසය ඇති බව හඳුනානොගත් පිරිසගේ පැමිණීම නිසා කොරෝනා වයිරසයේ දෙවනි රැල්ල යළිත් රටට පැමිණියා වෙන්න පුලුවන්. නමුත් දැනට තහවුරු වන කරුණු අනුව වඩාත් පිළිගන්න පුලුවන් වන්නේ යුක්රේන ගුවන් සේවයට අයත් යානා කාර්යමණ්ඩලයෙන් වයිරසය පැමිණි බවයි'

යුක්රේන ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයේ 11දෙනෙක් ඉකුත් සැප්තැම්බර් 11 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන්ව සීදුව හෝටලයක නිරෝධායනය කෙරිණි. ඔවුන් නික්මයාමට පෙර හෝටල් පරිශ්‍රයෙහි සමුගැනීමේ සාදයක් පැවති අතර, ඊට බාහිර පුද්ගලයන් ද සහභාගී වූ බව වාර්තා වී තිබේ.

මෙම කාර්ය මණ්ඩලයේ එක් අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සැප්තැම්බර් 13වැනි දින තහවුරු විය. ඔහු කොළඹ අයිඩීඑච් රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරිණි. පසුව එම හෝටලයේ සේවකයන් 5දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනා ගැණිනි.

-6844



අදහස් (16)

කොරෝනා දෙවන රැල්ල ආවේ යුක්රේන සේවකයන්ගෙන්

පුරවැසියා Thursday, 07 January 2021 03:27 PM

සර් මේක රත්තරන් ආකාරයක්... දැන් මේ දෙවැනි රැල්ලෙන් කී දෙනෙක් හම්බ කරගන්නවද? ඒ මදිවට අළුත් වයිරස් ප්‍රභේද සහිත තුන්වන රැල්ලේ ජෛව සාම්පල මේ දවස්වල යුක්රේනයෙන් ආනයනය කරනවා.

:       3       87

බණ්ඩාර Thursday, 07 January 2021 06:07 PM

දෙවන රැල්ලේ පළමු රෝගියා ලෙස වාර්තා වෙන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සුපර්වයිසර්වරියක්... එතකොට එයට ගියේ කොහොමද? මට හිතෙන්නේ මේ දොස්තරට නියෝග ලැබිලා තියෙනවා බ්‍රැන්ඩික්ස් එක ෂේප් කරන්න.

:       0       0

Padmapriya Thursday, 07 January 2021 06:53 PM

කොහොම වුණත් ලංකාවට කොරෝනා ගෙන්නගෙන හැමෝටම බෙදලා දුන්නයි. ජයවේවා..!!! මෙහෙමත් මෝඩ රැළක්...

:       0       0

chandima Thursday, 07 January 2021 07:53 PM

මේ විශේෂඥයෝ චීනයට යැව්වා නම් මුලින්ම කොරෝනා ආපු තැනත් කියනවා. මාරයි, පුරාවිද්‍යාඥයෝ වගේ... ඒත් අපේ කරුමෙට ලෙඩේට බේතක් හොයාගන්න මෙලෝ උනන්දුවක් නැහැ. විශේෂඥ විභාගය පාස්වෙලා තියෙන්නේ ලෙඩේ ආපු තැන හොයන්න මිසක් ලෙඩේට බෙහෙත් කරන්න නොවේ වෙන්න ඇති. අධ්‍යක්ෂක කෙනෙක්නේ...

:       0       0

pwsenev Thursday, 07 January 2021 08:07 PM

අහා ! ඒකයි මේ ඒ ගොල්ලොම ගෙන්නන්නේ? දැනුයි මට තේරුම් ගියේ..

:       0       0

ravin Thursday, 07 January 2021 10:15 PM

බොරු කතන්දර හදන්නෙපා ඩොක්ටර්. දෙවන රැල්ල ඇතිකළේ බ්‍රැන්ඩික්ස් කාරයින්. එ්ත් ආණ්ඩුව ඒක හැංගුවා.

:       0       0

naagahananda Friday, 08 January 2021 12:46 AM

එහෙම යුක්රේනයෙන් කියලා දන්නවානම් මොකටද තව යුක්රේනයේ අයව මෙහෙට ගෙන්නලා සැප දීලා යවන්නේ මේ දවස්වල?

:       0       0

ranjith Friday, 08 January 2021 12:52 AM

මේකට මූලික වුණේ කවුද? මිනුවන්ගොඩ රැල්ල තවම හෙව්වේ නැහැ.

:       0       0

Dewa Friday, 08 January 2021 01:43 AM

සර්ලා මේවා ගැන දැනගෙන නේද ඕවා කියන්නේ..? කට්ටිය ගේන්න දීලා තියෙන්නේ..

:       0       0

rocky Friday, 08 January 2021 01:46 AM

හි හි..!!! යුක්රේන් එක්ක ජාවාරම් කරන ජාති හිතෛෂී පින්වතුන්ගේ වාසනා උදාව!!! ඕවාට ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ.

:       0       0

sharm warn Friday, 08 January 2021 03:45 AM

හරිම අපූරුයි.. අවුලක් නැහැ. විද්‍යාගාර මීයන් සඳහා යොදාගැනීමට 68 ලක්ෂයක් හරක් ඉන්න නිසා හොඳ නියැදියක් තිබෙනවා. පරීක්ෂණ ප්‍රතිඵල තමයි අපිත් බලාගෙන ඉන්නේ. අර බැසිල් ලොක්කා කිව්වනේ කොහොමද බෝ වෙන්නේ කියලා?

:       0       0

ana Friday, 08 January 2021 06:12 AM

යුරේකා... යුරේකා... යුරේකා...

:       0       2

wicky Friday, 08 January 2021 06:19 AM

බැසිල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග සහ නිමල් ලාංසා කියන විදිහට සංචාරකයින්ගෙන් අපට බෝ වෙනවද කියලා අත්හදා බැලීමක්නේ කරන්නේ.

:       0       2

Nuwan Friday, 08 January 2021 07:44 AM

ඒකනේ විද්වත් මණ්ඩල වල අනුමැති සහ සර්ගේ විද්‍යානුකූල චින්තන ශක්තිය නිසා තුන්වන රැල්ල හොයාගන්න ලේසි වෙන්න යුක්රේනයෙන් කෙලින්ම ගෙවන්නේ තමුන්ගේ ඩිල් යාළුවට කියලා...

:       0       7

Rata Perata Friday, 08 January 2021 07:48 AM

නන්දසේනගේ ටිකිරි මොලේ තමයි මොලේ.. ආදාහන, භූමදාන සද්ද අස්සේ පැණි බෙදනවා. වයිරස් ආනයනය කරනවා. සීනිවලින් බිලියන ගණන් ගහනවා. බාර් ලයිසන් 5ක් දෙනවා. අපේ උරුමයන් විනාශ කරනවා. කැලෑ කපනවා. රාජපක්ෂ පවුලට සෞභාග්‍යෙය් දැක්ම නියමෙට වැඩ කරනවා.

:       0       7

qatar sita Sunday, 10 January 2021 08:54 AM

මේවා දැන දැනද අර රොතු පිටින් ලංකාවට ගෙන්න ගන්නේ යුක්රේන්වලින්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට සිතාසි
2025 පෙබරවාරි මස 13 125 0

යාපනය කන්කසන්තුරෙයි තයිඉට්ටි තිස්ස රජමහා විහාරය ඉදිරිපිටදී අධිකරණ තහනම් නියෝගයන් කඩකරමින් විරෝධතාවයේ නිරත දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජේන්ද්‍ර ක


ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී
2025 පෙබරවාරි මස 13 463 0

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.


අදානි සමාගම සුළං බලාගාරය අකුලා ගනියි
2025 පෙබරවාරි මස 13 464 0

ශ්‍රී ලංකාවේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියනයක් හෙවත් ඩොලර් කෝටි 100ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි තීරණ


මහනුවර රෝහලේ නතර වුණු වැඩ අරඹන්න කෝටි 150ක්
2025 පෙබරවාරි මස 13 184 0

මහනුවර ජාතික රෝහලේ දැනට අතරමඟ වැඩ නැවතී ඇති ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 4 කට අදාළව ඉදිකිරීම් කටයුතු යම් ප්‍රමාණයකින් හෝ අවසන් කිරීම සඳහා දළ වශයෙන් රුපි


රාජ්‍ය මුද්‍රණාලයේ කලබලයක්
2025 පෙබරවාරි මස 13 611 0

රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ ඇති වූ ගැටමක් දුර දිග යාමෙන් එහි ආරක්ෂකයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


පාපන්දු ක්‍රීඩා පිටියේ යකඩ තට්ටුවක් වැටීමෙන් සිසුවෙක්ට තුවාල
2025 පෙබරවාරි මස 13 162 0

පළුගස්දමන පාසලේ පාපන්දු ක්‍රීඩාපිටියේ තිබූ යකඩ වැටක් කඩා වැටිමෙන් 11 හැවිරිදි සිදුවකු බරපත තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 146 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 128 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 919 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site