(නිමන්ති රණසිංහ සහ ළහිරු හර්ෂණ)
කෝවිඩ් ආසාදිත ව වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මොහොමඩ් නියාස් මොහොමඩ් නවුෆර් නොහොත් "පොට්ට නව්ෆර්" ජීවිතක්ෂයට පත්ව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කර සිටියේ කෝවිඩ් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි මෙම රැඳවියාට වෙනත් නිදන්ගත රෝගාබාධ කිහිපයකටම ප්‍රතිකාර ලබමින් සිටි බවය.
බූස්ස බන්ධනාගාරය රඳවා සිටි පොට්ට නවුෆර් නමැත්තා ඉකුත් සතියේදී ගාල්ල කරාපිටිය රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් සිටියදී සිදුකල ඇන්ටිජන් පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබිණි.
පසුව ඔහු ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්විය.
හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොට්ට නව්ෆර් ඇතුළු කිහිප දෙනකුට මරණ දඬුවම නියම වූයේ 2004 වසරේ අගෝස්තු 4වැනිදාය.
COMMENTS
පාතාලයකු හෝ මේ වසංගතයෙන් මැරෙනවාට අප කැමැති නැහැ. ඒත්, සරත් අඹේපිටිය වැනි විනිසුරුතුමෙකු ඝාතනය කළ අසමාජ්ජාතීන්ට යහපත් මරණයක් නම්,නැති බව දන්නවා.
මොහු නිසා ජීවිත කියක් විනාස වෙන්න ඇතිද?
සමාව දීලා සංස්ථා සභාපතිකමක් දුන්නම් කොල්ලව ගොඩ දාගන්න තිබුනා.
දැන් මැරෙන හැමෝටම කොරෝනා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. අහන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි.
කර්මය පලදීම ප්‍රමාද වැඩි වගේ
අහිංසක ජීවිත නැති කල අපරාධකරුවකුට ස්වභාවධර්මයා විසින් දුන් දඬුවමක්.
නිකන් කන්න බොන්න දීලා ඔතන හිටියත් කරන්නේ වැරදි වැඩමනේ
අසාධාරණයෙන් ජිවත් වන අයට එච්චර හොඳ කාලයක් නෙවෙයි මේක.
අපරාධකාරයන්ට මහජන මුදල් හොරකම් කරපු අයට හොඳ කාලයක් නෙවෙයි වගේ.
ආයුධ පෙන්නන්ඩ යන එකේ තවත් පැත්තක්.
තව කාලෙකින් විදේශ රටකින් ආයේ මතු වෙයිද.?
මෙයාටත් අරයා වගේ ජනාධිපති සමාව ගන්න තිබුනනෙ....
යහපාලකයෝ තවටික කලක් හිටියානම් නවුෆර් නිදහස්වෙලා ඇමති කෙනෙකුත් වෙනවා ෂුවර් ම ෂුවර්.
බමුණාට වයර් මාරුවෙලා. එයා හිතන් ඉන්නේ තවම පරණ කෙනා ඉන්නේ කියල. දැන් අපේ පස්ස බිම ඇනිලා හුඟක් කල්.
දුමින්ද ගැනත් කියන්නකො, ඒක වෙච්චි දෙයක් නේ, යහපාලනය වසර පහක් තිබුනට ඔයා කියපු දෙය උනේ නැහැනෙ.
බමුණා රෙදි ඇදගෙනද කොමෙට් දාන්නේ.?
මට බය පොට්ට නව්පර් ව එලියට දාලා . කොරෝන වලින් මැරුන වෙන කෙනෙකගේ මිනියක් බොඩි බෑග් එකකට දාලා , පොට්ට නව්පර් කියල ලේබලයක් වත් ඇලෙව්වද කියල...?
දෙවියන් වහන්සේට ගොඩක් ස්තුතියි .දෙවියෝ ඔක්කොම හදලා කරන්නේ
දැන් ඉන්නේ අලුත් එක්කෙනා කියලා අපි දන්නවා. එයාට පරණ වැඩ අදාළ නැහැ කියලාත් දන්නවා.
ලලිත් එම් උත්තර වහගෙන හැංගිලා රිටර්න් එක ලැබෙයි කියලද?