(සුමතිපාල දියගහගේ සහ ජේ.කේ.එල්.චාමින්ද)
 

කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හල් දෙකකින් කොරෝනා ආසාදිතයින් 22 ක් අලුතෙන් හදුනා ගත් බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පවසයි.
 
එම කම්හල්වල සේවිකාවන් 105 ක් සදහා කරන ලද පී සී ආර් පරීක්ෂණවලදී මේ බව අනාවරනයවී තිබේ. ඒ අනුව එක් ඇගලුම් කම්හලකින් ආසාදිතයින් 20 ක්ද අනිත් කම්හලින් ආසාදිතයින් 2 ක්ද හදුනා ගෙන ඇත. ආසාදිතයින් විසිදෙනා හමුවු ඇගලුම් කම්හලින් මීට පෙර තවත් ආසාදිතයින් 7 ක් හමුවී තිබුණි.
 
මේ වන විට කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හල් හතරකින් කොරෝනා ආසාදිතයින් 36 ක් හමුවි ඇතැයිද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසීය.අලුතෙන් හදුනා ගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කරන බවද වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසිය.