(තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතරක ගුවන් මගීන් රැගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය ගෙන තිබූ තීරණය ලබන 28 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම ගුවන් සමාගම පියවර ගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව, පාකිස්ථානය, ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මගීන් රැගෙන යාම එදින තෙක් සිදු නොකෙරෙන බවද එමිරේට්ස් ගුවන් සේවා සමාගම කියා සිටී.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමිර් රාජ්‍යය ජාතිකයින්ට, එමීර් රාජ්‍යයේ වීසා හිමිකම ඇති පුද්ගලයින්ට සහ විදේශ සේවයේ නිරත තානාපති සේවා නිලධාරීන්ට මෙම තහනම බල නොපාන බවද එමිරේට්ස් ගුවන් සේවා සමාගම වැඩිදුරටත් පෙන්වා දේ.

තවද භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සහ විශේෂ ගුවන් යනා එම රටවල් අතර ක්‍රියාත්මක බව එම ගුවන් සේවා සමාගම කියා සිටී.

පවතින කොවිඩ් නව ප්‍රභේද වාර්තා වීම් නිසා පසුගිය සති දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව, පාකිස්ථානය , බංග්ලාදේශය ඇතුළු රටවල් පහකින් ගුවන් මගීන් රැගෙන ඒම ලබන 31 වැනිදා තෙක් අත්හිටුවීමට එමීරයේ දෙවැනි විශාලතම ගුවන්සේවය වන එතිහාඩ් ගුවන් සේවය ද ඉකුත් දා පියවර ගත්තේය.