
කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ එම නිලධාරීයාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා රජය විසින් නිකුත්කර ඇති මාර්ගෝපදේශවලට අනුගතවෙමින් එම නිලධාරීයාව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකළ බවද එම මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්වැඩිදුරටත් කියා සිටී.
කොවිඩ් ආසාදිත කාර්යමණ්ඩල සාමාජිකයා මහකොමසාරිස් කාර්යාලය තුළ සිය රාජකාරී කටයුතු සිදුකිරීමේ දී බාහිර පාර්ශ්වයන් හා සම්බන්ධ වී නොමැති අතර ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් කාර්යමණ්ඩල සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට ද පියවරගෙන තිබේ.
එමෙන්ම කාර්යාල පරිශ්‍රය විෂබීජහරණයට ලක්කර අවදානම පාලනය කිරීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ගගෙන ඇති බවද කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.
125 & 055
2025 දෙසැම්බර් මස 04
147
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
363
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියකුට කොරෝනා