IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඉන්දීය මහබැංකු අධිපතිට කොරෝනා

 

ඉන්දියාවේ මහ බැංකු අධිපති ශක්තිකාන්තා දාස් ට නව කොරෝනා වයිරස ආසාදනය වී ඇත.
 
ලොව දෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි.
 
“මට ‘කොවිඩි-19’ ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. මා රෝග ලක්ෂණ පෙන්නුම් කළේ නැහැ. නමුත් මා ඉතා හොඳින් ඉන්නවා” යැයි ඉන්දීය මහ බැංකු අධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
 
හැට තුන් හැවිරිදි ඉන්දීය මහ බැංකුවේ අධිපතිවරයාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ ඉරිදා ය.
 
ඉන්දීය මහ බැංකු අධිපති ශක්තිකාන්තා දාස් එරට නව කොරෝනා වයිරසය ආසාදනය වූ ඉහළ පෙළේ පුද්ගලයන් කිහිපදෙනා අතරින් කෙනෙකි.   
 
“පසුගිය දින කිහිපයේදී මා ඇසුරු කළ පුද්ගලයන් ද දැනුවත් කළා. මා මේ වනවිට නිරෝධායනයට යොමු වී සිටිනවා. මහ බැංකුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙනවා” යැයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
ඉන්දියාවෙන් මේ වනවිට මිලියන 7.8 ඉක්මවා නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වන අතර ඉන්දියාව දෙවැනි ඇමෙරිකා එක්සත් ජනපදයට පමණි. ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 118,000 ඉක්මවයි.

බිලියන 1.3ක ජනගහනයක් වෙසෙන ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය, එරට මූල්‍ය කේන්ද්‍රස්ථානය වන මුම්බායි මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලට ද මේ වනවිට නව කොරෝනා වයිරසය පැතිර ගොස් තිබේ.

ඉන්දියාවේ සුපිරි නළු අම්තාබ් බච්චන් සහ එරට ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා යන අයට ද නව කොරෝනා වයිරසය ආසාදනය විය.

නව කොරෝනා වයිරසයත්, නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමාත් නිසා ඉන්දීය ආර්ථිකය දැඩි කඩාවැටීමකට ලක්ව තිබේ. මහ බැංකු අධිපතිවරයා ඉන්දීය ආර්ථිකය නැවත යථා තත්ත්වයට ගෙන ඒමේ ක්‍රියාවලියේ ප්‍රධාන පාර්ශවකරුවෙකි.

ආර්ථිකය නැවත යථා තත්ත්වයට ගෙන ඒමේ අරමුණින් ඉන්දීය ආණ්ඩුව සීමා ලිහිල් කළ අතර පසුගිය අගෝස්තු මාසයේ සිට දෛනික සාමාන්‍යයක් ලෙස වයිරස ආසාදිතයන් 50,000කට ආසන්න පිරිසක් හඳුනාගැනෙමින් තිබේ.

ඉන්දීය ආර්ථිකය පසුගිය අප්‍රේල් මාසයේ සිට ජූනි මාසය දක්වා කාලයේදී සියයට 23.9කින් පහළ වැටී තිබේ.
ඉන්දීය ආර්ථිකය මේ වසරේ දී සියයට 10.3කින් පහළ වැටෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉකුත් දිනෙක පුරෝකථනය කළේය.
 
ඒ.එෆ්.පී.
 
 055



අදහස් (0)

ඉන්දීය මහබැංකු අධිපතිට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 27 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site