
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු අද (7 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 356 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවෝ සිවුදෙනෙක් වෙති.
මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 410 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 20.25 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 772 කි.
මේ දක්වා ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 69,348 ක් වාර්තා වී තිබේ. ඔවුන් අතුරින් මේ දක්වා 63,401 දෙනකු සුවය ලබා ඇත.
මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5596 කි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd