IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


රංජන්ට එරෙහි පැමිණිල්ල නැවත කැඳවීම මාර්තුවේදී

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )


අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති  පැමිණිල්ල  මාර්තු මස 13 වැනිදා නැවත කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.


එම පැමිණිල්ල අද(26) ප්‍රියන්ත ජයවර්ධන විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුහ.
 
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පැමිණිල්ලට අදාළ ඉදිරි පියවර සලකා බැලීම සඳහා එය ලබන 13 වැනිදා කැඳවන බවයි.
 
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී රංජන් රාමනායක මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් සිතාසි නිකුත් කර නොතිබුණ ද අධිකරණයට කරන ගෞරවයක් වශයෙන් ඔහු අද දින අධිකරණය හමුවේ පෙනී සිටින බවයි.


මෙම පැමිණිල්ලට අදාළව මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයට දන්වා තිබේ.


රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන පැමිණිල්ලේ සඳහන් වන්නේ ඉකුත් නොවැම්බර් මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත්කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් ඒ මහතා සිදු කරන ලද ප්‍රකාශයක් තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි.


එම ප්‍රකාශය තුළින් රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ පිළිබඳව නිදහසට කරුණු විමසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද නොතීසියකට අනුව මෙම පැමිණිල්ල සලකා බැලිණි



අදහස් (4)

රංජන්ට එරෙහි පැමිණිල්ල නැවත කැඳවීම මාර්තුවේදී

Bamunuarachchi Tuesday, 26 February 2019 08:07 AM

රන්ජන් ඔබට ඉන්න සාක්ෂිකරුවන් 42 දෙදෙනාම ඉස්තරම්ම අය. ඔවුන් සියලු දෙනාම සාක්ෂිවලට කැඳවන්න. මට උවමනා සර් කියන ඕනෑම දෙයක් කරන්නන් කිවූ විනිසුරුවන් ඉන්න රටේ මගේ මිතුරු නීතිඥවරුන්ට සමාජයේ ඔවුන් කොතනද ඉන්නේ කියා ඔවුනට පෙන්වීමට.

:       4       43

Mahee Tuesday, 26 February 2019 09:35 AM

නඩු 24 ක් තියෙනවා කිව්වා නේද? බය වෙන්න දෙයක් නැහැ රන්ජන්, ලංකාවේ අධිකරණ ක්‍රියාවලියේ වේගයේ හැටියට ඔය නඩු 24 ඉවරවෙන්නේ ක්‍රිස්තු වර්ෂ 2500 දී විතර.

:       0       72

Sumith Tuesday, 26 February 2019 10:05 AM

ජනතාව අද දුක්වෙනවා සංවර්ධනය නැ මොකක් හරි ගෙනල්ල දොඩවනවා. මෙහෙමත් ආණ්ඩුවක්

:       0       0

BamunuarachchiWednesday, 27 February 2019 01:25 AM

එහෙම්මම කියන්න එපා ඒගොල්ලන්ගේ වැටුප් වැඩි වුනා දීමනා වැඩි වුනා ඒගොල්ලෝ සංවර්දනය වුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 622 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site