පීඩනයෙන් කොටසක් ඉන්ධන පාරිභෝගිකයාට දුන්නා ඉන්ධන සඳහා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පිටවීමෙන් ඇතිවන පීඩනයෙන් කොටසක් ඉන්ධන පාරිභෝගිකයාට ලබාදීමේ ප්‍රතිපත්තිය යටතේ ඉන්ධන මිල වැඩි කළ බවත් වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පිටවීම වැලැක්වීමට අනිවාර්යෙන්ම ඉන්ධන පරිභෝජනය අඩුකළ යුතු බවත් බලශක්ති, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (1) පැවසීය. 01 June 2026
පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුරය අහෝසි කෙරෙන පනතට නාමල්ගේ සහය පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුරය අහෝසි කෙරෙන පනත පාර්ලිමේන්තුවට ගෙන ඒම හොඳ දෙයක් හෙයින් ඒ සඳහා තම පූර්ණ සහය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පවසයි. 01 June 2026
රජය ඉන්ධන සහනය ඉවත් කරන්න පොරොන්දු වෙලා ඉන්ධන සඳහා රජයෙන් දී ඇති සියලු සහනාධාර සැප්තැම්බරයට පෙර ඉවත් කිරීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වී ඇතැයි හිටපු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී අද (1) පැවැසීය. 01 June 2026
ගුවන්තොටුපළ – මාකුඹුර සැප බස් සේවයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (01) සිට ආරම්භ කර ඇත. 01 June 2026
දන්සැල් අනතුරේ කැබ් රියදුරු රිමාන්ඩ් හයිලෙවල් පාර මීගොඩ මංසන්ධිය ආසන්නයේදී දන්සැලක පෝලිමක සිටියදී රිය අනතුරක් සිදුකර කාන්තාවන් තිදෙනෙකු ඇතුලු පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් කිරීමේ සිද්ධියේ සැකකරු අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (01) දින නියෝග කළාය. 01 June 2026
වෑන් රිය අලියාගේ ගැටී කාන්තාවක් මරුට: 16ක් රෝහලට මහියංගන දිඹුලාගල ප්‍රධාන මාර්ගයේ බදනාගල ප්‍රදේශයේදී අද (01 ) වෑන් රථයක් වන අලියෙකුගේ ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් 16 දෙනෙකු තුවාල ලබා දෙහිඅත්තකන්ඩිය සහ පොළොන්නරුව රෝහල් වලට ඇතුළත් කර ඇති බව සිරිපුර පොලිසිය කියයි. 01 June 2026
බොරැල්ලේදී කුලි රියැදුරාට සුද්දයක් දුන් දෙකක් මාට්ටු සමාජ මාධ්‍යයේ සංසරණය වන කුලී රථ රියදුරෙකුගේ මුදල් හා දේපල කොල්ලකෑමේ සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (31) අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි. 01 June 2026
වෙසක් දා ඝෝෂා කළ යතුරු පැදි 50ක් පොලිස් බාරයට වෙසක් දින දෙක තුළ මහජන පීඩාකාරී ලෙස යතුරුපැදි පැදවූ 50 වැඩි ගණනක් සිය භාරයට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි. 01 June 2026
කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමට රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව හා විනිවිද භාවයකින් තොරව රුපියල් මිලියන 1524.44ක් වැනි අධික මුදලකට කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුලී පදනම මත ඩි.පී.ජේ පෞද්ගලික ගොඩනැගිල්ල ලබා ගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් බි. විජයරත්න මහතාගෙන් ගැනීමට අල්ලස් හො දූෂණ විමර්ශන කොමිසම හමුට අද (1)උදෑසන පැමිණ ඇත. 01 June 2026
ආහාර විස වෙලා 35ක් රෝහලේ බුලත්සිංහල, කුකුළු ගොවිපලක සේවකයන්ට ලබාදුන් රාත්‍රී අහාර වේල ගැනීමෙන් පසු ඊයේ (31) දවස පුරා ඇතිවූ විවිධ රෝගී තත්ත්වයන් හේතුවෙන් 35 කට ආසන්න පිරිසක් බුලත්සිංහල සහ පිඹුර රෝහල්වලට ඇතුළත් කර ඇතැයි බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 01 June 2026
බැසිල් මට වඩා ආශ්‍රය කළේ ආණ්ඩුවේ උදවිය බැසිල් රාජපක්ෂ එක්ක මට වඩා මේ ආණ්ඩුවේ අය හුඟාක් ලඟින් ආශ්‍රය කර තියෙන බව පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 01 June 2026
‘‘රටේ ආර්ථික වර්ධනය සියයට තුන දක්වා පහත වැටිලා‘‘ රටේ ආර්ථික වර්ධනය සියයට තුන දක්වා පහත වැටී ඇති බවත්, වත්මන් ආර්ථික ක්රියාපිළිවෙළින් ’’පොහොසත් රටක්’’ නිර්මාණය කරනවා වෙනුවට සිදුවන්නේ තවදුරටත් ජනතාව දුප්පත්කම තුළ රඳවා තැබීම පමණක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. 01 June 2026
පළාත් කීපයකට විටින් විට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 June 2026
රොටි දන්සල් පෝලිමේ අනතුරින් හය දෙනෙක් මරුට හයිලෙවල් මාර්ගයේ මීගොඩ බැද්දෙගෙදරමුල්ල මංසන්ධිය ආසන්නයේ වෙසක් පොහොය වෙනුවෙන් පවත්වාගෙන ගිය රොටි දන්සැලක පෝලිමේ සිටි පිරිසක් මතට කැබ් රථයක් ධාවනය වීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ඇතුලු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 01 June 2026
ලාඕසයේ ගුහාවක සිරවූ හත් දෙනාගෙන් පහක් බේරා ගැනෙති ලාඕසයේ භූගත ගුහාවක දින 10 කට වැඩි කාලයක් සිරවී සිටි ගම්වැසියන් හත් දෙනාගෙන් පස්දෙනෙකු බේරා ගැනීමට කිමිදුම්කරුවන් සමත් වුවත් ඉතිරි දෙදෙනා බේරා ගැනීමට දැඩි වර්ෂාපතනය බාධාවක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 31 May 2026
ශ්‍රීපාද වන්දනා සමය අවසන් සමන් දේවප්‍රතිමාව ගල්පොත්තාවලට 2025 - 2026 ශ්‍රීපාද වන්දනා වාරය අවසන් වීමෙන් පසු ශ්‍රීපාද උඩ මළුවේ තැම්පත් කර තිබූ සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ පූජා භාණ්ඩවලින් කොටසක් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය දක්වා වැඩම අද දින සිදු කෙරිණි. 31 May 2026
ගංගාරාම වෙසක් කලාපය අගමැතිනි අතින් විවෘත වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම බුද්ධ රශ්මී වෙසක් කලාපයේ විවෘත කෙරිණි. 31 May 2026
බුද්ධ රශ්මි කොළඹ වෙසක් අසිරිය “බුද්ධරශ්මි” වෙසක් කලාපයට සමගාමීව ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද “වෙසක් බැති ගී සරණිය” ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. 31 May 2026
ධර්මාධිකරණයක් පිහිටුවීමේ බලයක් රජයට නෑ ධර්මාධිකරණයක් පිහිටුවීමේ බලයක් රජයට නැතැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 31 May 2026
ප්‍රධාන රෝහල් පහකට පියයුරු පිළිකා බලන යන්ත්‍ර කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පියයුරු පිළිකා සහ පියයුරුවල ඇති වන වෙනත් අසාමාන්‍ය ගැටිති හෝ වෙනස්කම් ඉතා මුල් අවධියේ දී ම හඳුනා ගැනීමට සහ පසු ප්‍රතිකාර සේවා සඳහා භාවිතා කරනු ලබන අතිනවීන මැමෝගැෆි යන්ත්‍ර (Mammography Machines) පහක් දිවයිනේ පිළිකා ප්‍රතිකාර සේවාවන් සිදු කරනු ලබන ප්‍රධාන රෝහල් පහකට ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය ඇත. 31 May 2026
එදා රජවරු අමාරු කාලේ මිනිස්සු අත හැරියේ නෑ එදා රජ දවස පාලකයන් අමාරු අවස්ථාවේ ජනතාව අත්නොහැරියා සේ අපත් අමාරු අවස්ථාවේ ජනතාව අත්නොහැරිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 31 May 2026
කොළඹ තොරණ් බලන්න අගමැතිනිය යයි වෙසක් පොහොය දිනය නිමිත්තෙන් කොළඹ ප්‍රදේශයේ ඉදිකරන ලද තොරණ දෙකක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. 31 May 2026
පස් කන්දකට යටවී පුද්ගලයෙක් මරුට මස්කෙළිය, ග්ලෙන්ටිල්ට් තේ වතුයායේ, මැද වත්ත කොටසේ පිහිටි දේවස්ථානයක ගෙපළක් කපමින් සිටි එහි භාරකරු පස් කන්දකට යටවී මිය ගොස් ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි. 31 May 2026
මුහුදේ අතුරුදන්වූ සිසුන් තිදෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු ගොඩට හුංගම කළමැටිය මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි සිසුන් තිදෙනාගෙන් දෙදනකුගේ සිරුරු අද (31) කළමැටිය පැරණි මාදැල් ධිවර තොටුපල අසලින් ගොඩට ගසා ඇතැයි පොලීසිය කියයි. 31 May 2026
තරුණ සේවා ලස්සන දන්සලට මහ පිරිසක් ජාතික තරුණ සේවා සභාව වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධාන කළ ’’ ලස්සන දන්සැල දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි ජාතික තරුණ සේවා සභා පරිශ්‍ර වලදී පැවැත්විණි. 31 May 2026
කියුබා තානාපතිනිය සුව ඇමති හමුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලංකාවේ කියුබා තානාපතිනී පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය අතර සෞඛ්‍ය ක්ෂේත්රය ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම උදෙසා වූ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 31 May 2026
පල්ලේගම හිමි තනතුරුවලින් ඉවතට අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එල්ලවී ඇති බාළ ළමා අපචාර දූෂණ සිද්ධිය සම්බන්ධව විශේෂ අවධානය යොමු කර ඇති සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ ප්රමුඛ මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාව ,පල්ලේගම හේමරතන හිමියන් විසින් දරණ ලද ධූරයන් අත්හිටුවීමට තීරණය කර තිබේ. 31 May 2026
නංගිගේ ගෙල සිර කර මැරූ අයියා අත්අඩංගුවට ජංගම දුරකථනය නොදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තම නැගණියට පහරදී ගෙල සිරකර මරා වතුර බේසමකට දැමූ බව කියන සහෝදරයෙකු ඊයේ (30) අත්අඩංගුවට ගත් බව එරාවුර් පොලිසිය පවසයි. 31 May 2026
අයි.ඕ.සී සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළ දමයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමට සාපෙක්ෂව ලංකා අයි.ඕ.සී සහ සයිනොපෙක් යන සමාගම් ද සිය ඉන්ධන මිල ගණන් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත. 31 May 2026
‘‘නිලධාරීන්ගේ වරදින් දිට්වා වන්දි ප්‍රමාද වෙලා‘‘ දිටවා සුළි කුණාටුවෙන් ඌවපරණගම මස්පන්න බස් නැවතුම්පොල පස් කන්දකින් යටවුණ බව මාධ්‍ය හරහා මුළු ලෝකයාම දැනගතත්තා. එම පස්කන්දට බසුත් යටවුණ බව දන්නවා. නමුත් එම බස් නැවතුම්පොළේ හිමි කාරිත්වය නිලධාරීන් දන්නේ නෑ යැයි වැවිලි හා ප්‍රජා වතු යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පැවසිය. 31 May 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026