අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක් රටේ ආර්ථික තත්ත්වය සහ අර්බුදය සමනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරයි. 07 June 2022
බ්‍රිතාන්‍ය අගමැති විශ්වාසභංගය පරාජය කරයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් බලයෙන් පෙරපා දැමීමේ අරමුණින්, විපක්ෂය මැදිහත් වී පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුණු අතර, එය පරාජය කිරීමට අග්‍රාමාත්‍යවරයාට හැකියාව ලැබුණි. 07 June 2022
පොහොර ගන්න මුදල් වෙන් කරයි පොහොර ආනයනය සඳහා ඩොලර් ලක්ෂ 55ක මුදලක් වෙන්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 07 June 2022
සැප්තැම්බර් දක්වා අවශ්‍ය සහල් රට තුළ ලබන සැප්තැම්බර් දක්වා අවශ්‍ය සහල් තොග රට තුළ තිබෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පෙරේදා (06)ප්‍රකාශ කර ඇත. 07 June 2022
ලිට්රෝ ගෑස් අද බස්නාහිරට බෙදයි ලිට්රෝ ගෑස් සමාගම අද (7) දිනයේ කොළඹ, ගම්පහ සහ කළුතර (බස්නාහිර පළාත) යන දිස්ත්‍රික්ක තුනට පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර සැපයුම ක්‍රියාත්මක කරන බව එම සමාගම පවසයි. 07 June 2022
බස්නාහිර ඇතුළු පළාත් රැසකට විටින් විට වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (7) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 June 2022
විසිඑක ලබන සතියට කල් යයි විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන සතියේ දී සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් කල් තබනු ලැබ ඇත. 07 June 2022
වසරකට ඇමතිවරු නිකන් වැඩ කරති ඇමතිවරුන් වැටුප් නොගෙන වසරක කාලයක් කටයුතු කිරීමට ඊයේ(06) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත. 07 June 2022
ගුවන් යානය මුදා හැරියාට රුසියාවෙන් ප්‍රතිචාර එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එස්යු-289 ගුවන් යානය රඳවා ගැනීමේ සිද්ධිය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකා බලධාරීන්ට ස්තුතිය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 06 June 2022
“අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස ධුරයෙන් යන්න බැහැ’’ තමාගේ ධුර කාලයේ ඉතිරි වසර දෙක අවසන් කරන බවත් නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත. 06 June 2022
අධිවේගියේ පාට් දැමූ හිටපු ඇමති පුතාත් බිරියත් මාට්ටු දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම පිවිසුමේදී පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි තංගල්ල හිටපු නගරාධිපති සහ ඔහුගේ බිරිඳ වීරකැටිය පොලිසිය විසින් අද (06) සවස අත්අඩංගුවට ගන්නා ලදී. 06 June 2022
රන්ජන් ශාස්ත්‍රවේදී පළමු වසර අවසාන පරීක්ෂණයට ඉඳගනී බන්ධනාගාරගත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යලයේ ශාස්ත්‍රවේදි තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණය සදහා මෙම 11 - 18 යන දිනවල පෙනි සිටිමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 06 June 2022
දුම්රිය අවලංගු වී මගීහු පීඩාවට ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය කිහිපයක් අද (6) පස්වරුවේ අවලංගු කිරීම හේතුවෙන් මගීහු දැඩි පීඩාවට පත්වූහ. 06 June 2022
මිල වැඩිකිරීම ගැන ලාෆ් ගෑස් සමාගමෙන් කරුණු විමසයි ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් එම ගෑස් සමාගමෙන් කරුණු විමසන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම්දුන් බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (6) පැවසීය. 06 June 2022
රුසියානු ගුවන්යානය අරන් යයි උසාවි නියෝගයක් මත කටුනායක ගුවන්තොටුපලේ නවතාගෙන තිබූ රුසියානු ගුවන්යානය අද (6) පස්වරු 6.11ට මෙරටින් පිටත්ව ගියේය. 06 June 2022
හිටපු ජනපති මෛත්‍රීගෙන් පුටින්ට ලිපියක් රුසියාවේ එරොෆ්ලොට් ගුවන් යානයක් ශ්‍රී ලංකාව තුළ ගොඩබෑමෙන් පසු රඳවා තබාගැනීම රජය විසින් ගත් තීරණයක් නොව, එය සම්පූර්ණයෙන්ම අධිකරණමය කාරණයක් ලෙස සලකන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා වෙත ලිපියක් යොමුකරමින් කියා සිටියි. 06 June 2022
මෝදර වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට මෝදර රෙඩ්බානාවත්ත ප්‍රදේශයේ අද (6) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් (25) තරුණයකු මියගොස් ඇති බව පොලිසිය කියයි. 06 June 2022
රුසියාවේ ප්ලේන් එකේ ප්රශ්නය ඉවරයි එරොෆ්ලොට් ගුවන් යානයේ ප්රශ්නය අවසන් බවත් මෙරටට පැමිණෙන ගුවන් යානාවලට විවිධාකාරයේ බාධා ඉදිරියේදී ඇතිවීම වැළැක්වීමට පියවර ගන්නා බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 06 June 2022
ගාලුමුවදොර සිද්ධිය: මහින්දගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් අත්අඩංගුවට කොල්ලුපිටියේ දී සහ ගාලුමුවදොර දී ඉකුත් (9) ඇති වු ප්‍රචන්ඩකාරි සහ කළහාකිරී සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තංගල්ල ප්‍රදේශයේ දී අද (6) අත්අඩංගුවට ගනු ලැබීය. 06 June 2022
සිමෙන්ති කොට්ටයක මිල තවත් ඉහළට කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 කින් වැඩි කිරීමට සිමෙන්ති සමාගම් පියවරගෙන ඇති අතර ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 3,000 ක් බවට පත්ව තිබේ. 06 June 2022
ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනය නොවීමෙන් මගීන්ට පීඩා ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනය නොවීම හේතුවෙන් පාසල් දරුවන්, රැකියා සඳහා පිටත්ව යන පිරිස් සහ මගී ජනතාව අද(06) දිනයේ දැඩි පීඩාවට පත්වූහ. 06 June 2022
සිංහ-කැන්ගරු සටනේ ටිකට් ගන්න දිගු පෝලිම් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (7) පැවැත්වෙන පළමු විස්සයි20 ක්‍රිකට් තරගය නැරඹීම සඳහා අන්තර්ජාලයෙන් ප්‍රවේශපත් වෙන්කරගත් ප්‍රේක්ෂකයෝ එම ප්‍රවේශපත් ලබාගැනීම සඳහා මේට්ලන්ඩ් පෙදෙසේ පිටිහි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට අද (6) පෙරවරුවේ සිට දිගු පෝලිම්වල රැදී සිටියහ. 06 June 2022
මේ වසරේම ආර්ථිකය ගොඩගන්න සියලු දේ කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ තවත් විදෙස් ආධාර ලබාගෙන මේ වසරේදීම ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 06 June 2022
ගෝඨා ගෝ ගමක් හා හොරු ගෝ ගමක් ජිනීවාවල ශ්‍රි ලංකා ජනාධිපතිවරයාට සහ රට අහිමි ව ඇති ඩොලර් සංචිත නැවත පවරා ගන්නා ලෙසට බලකරමින් යුරෝපායේ වෙසෙන ශ්‍රි ලංකිකයෝ පිරිසක් ඊයේ (5) ජිනීවා එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුහ. 06 June 2022
රසායනාගාර උපකරණවල මිල ආනයනික සමාගම් හිතුමතේ වැඩිකරලා රෝහල්වල සහ පෞද්ගලික වෛද්‍ය රසායනාගාරවල වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සිදුකිරීමේදී භාවිත කරනු ලබන ප්‍රතික්‍රියක සහ උපකරණ සම්බන්ධයෙන් මිල නියාමනයක් නොවීම නිසා ආනයන සමාගම් හිතුමතේ මිල වැඩිකරන බව ස්වාධීන වෛද්‍ය රසායනාගාර සංගමය පවසයි. 06 June 2022
‘බුද්ධි ගලන ඛේදවාචකයක් අතළඟයි ‘ අද වන විට ජීවත්වීමේ අයිතිය පවා ජනතාවට අහිමි වී ඇති බවත්, අතිවිශාල පිරිසක් රට හැර යමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(6)පැවසීය. 06 June 2022
ඇමති ප්‍රසන්නට අත්හිටවූ සිරදඬුවම් 2015 වසරේ කොලොන්නාව මිතොටමුල්ලේ වගුරුබිමක් ගොඩ කර එහි රැඳි සිටි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම අදාල නඩුවේ තීන්දුව ප්රශාක කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග වසර දෙකක බරපත වැඩ සහිත සිර දඬුවම් වසර පහකට අත්හිටුවන්න ලෙස නියෝග කළේය. 06 June 2022
මිත්‍රත්වය රැකගන්න රුසියාවට සංදේශයක් රුසියානු ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ රඳවාගැනීමේ සිද්ධියත් සමඟ ශ්‍රී ලංකාවේ පැරණිතම මිත්‍ර රටක් වන රුසියාවට කණගාටුව ප්‍රකාශ කිරීමට සහ මිත්‍රත්වය රැකීමට ඉල්ලීම් කරමින් සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ සහ රුසියාවේ අධ්‍යාපන ලැබූ පිරිසක් රුසියානු තානාපති කාර්යාලයට අද (6) සංදේශයක් භාරදුන්හ. 06 June 2022
එරොෆ්ලොට් ගුවන් යානයට රුසියාවට යන්න අවසර රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයකට කටුනායක ගුවන් තොටුපළෙන් පිටවීමට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණය දුන් වාරණ නිරුසියානු ”ඒරෝෆ්ලොට්” ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය අත්හිටුවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා ඊයේ (06) නියම කළේය.යෝගය අත්හිටුවීමට කොළඹ වානිජ මහාධිකරණය නියෝග කළේය. 06 June 2022
සැමන් මිල ඉහළට වෙළෙඳපොළේ ලොකු සැමන් ටින් එකක මිල රුපියල් 600ක් දක්වා ඉහළ නැගීමෙන් පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. 06 June 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026