දුම්රියට යූරෝ මිලියනයක නව පුහුණු මධ්‍යස්ථානයක්
යුරෝ මිලියනයකට අධික මුදලක් වැය කරමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ජර්මන් දුම්රිය තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයේ නව තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකර තිබේ. නවක පත්වීම් ලද දුම්රිය රියදුරන්ගේ කඩිනම් පුහුණුව වෙනුවෙන් නව තාක්ෂණික උපකරණ සහ තාක්ෂණික දැනුම දීම සඳහා මෙම තාක්ෂණික මධ්‍යස්ථානය ගොඩනැගූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.