විල්පත්තු නඩුව ගැන වන සංරක්ෂණ ජනරාල්ගෙන් කරුණු විමසන්නැයි නියෝග
විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නයේ පිහිටි මරිච්චකට්ටු, කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි කරන බවට පැවසෙන තොරතුරුවල සත්‍යතාවයක් තිබේද යන්න පිළිබඳව වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් කරුණු විමසා ලබන සිකුරාදා (19) අධිකරණයට වාර්තා කරන ලෙස අභියාචනාධිකරණය අද (15) නීතිපතිවරයාට නියම කළේය.