(චන්ද්‍රසේන ගමගේ)
පාලම් බෝක්කු ගැන කථා කරන නායකයකුට අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය ලැබෙන්නේ නෑ. ජාත්‍යන්තරය ගැන අවබෝධයක් ඇති ඒවා මෙහෙයවන්නට හැකි නායකයෙක්. අපි ඊළග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා යැයි විදුලිබල හා පුනර්ජීව බලශක්ති අමාත්‍ය අමාත්‍ය රවී කරුණානායක මහතා අද (14) පැවසීය.
වීරකැටිය කොන්දගල රාජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරනු ලබන බුද්ධ ප්‍රතිමාවට විදුලි ආලෝකය ලබා දීමේ අවස්ථාවට සහභාගී වීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රවී කරුණානායක මහතා එසේ පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා ඊළග ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් එජාපය නියෝජනය කරමින් පැමිණෙන බවට පවතින රාවය පිළිබදව අදහස් දැක්වූ රවී කරුණානයක ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ එවන් අයෙකු එජාපයේ ජනාධිපති අපේක්ෂකයා නොවන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා මෙසේ ද කීය.
"එජාපය සතුව ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු කිහිප දෙනෙකු සිටිනවා. ඔවුන් අතරින් කෙනෙකු අපි සාකච්ඡා කර ඉදිරිපත් කරනවා. ඔය දැන් ඉදිරිපත් වෙන්න දඟලන අය ඊට සුදුසුකම් ලබන්නේ නෑ.
ජනාධිපතිවරයාට විරුද්ධව ඉදිරිපත් කිරීමට දෝෂාභියෝගයක් ගැන පක්ෂය කථාකර හෝ තීන්දුවක් ගෙන නෑ. එමෙන්ම අපේ පක්ෂය චන්ද්‍රිකා බණ්ඩාර නායක හිටපු ජනාධිපතිවරිය සමග මේ වන විට කිසිදු සම්බන්ධයක් නෑ. ඇය අපේ පක්ෂය තුළ ප්‍රශ්න ඇති කළා. එමෙන්ම ශ්රීලනිපය තුළ ඇය ප්‍රශ්න ඇති කළා. ඇයගෙන් අපේ පක්ෂයට වැදගත්කමක් නෑ. තම ආසනය දිනාගන්න බැරි චන්ද්‍රිකාට අපේ පක්ෂයට දෙන්න පුළුවන් දෙයක් නෑ."
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත මෙම විහාරස්ථානයට විදුලි ආලෝකය ලබා දෙන්නට තමන් කටයුතු කළ බවද රවී කරුණානායක මහතා පැවසීය.
මෙම අවස්ථාවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂකයා වන නෙවිල් වන්නිආරච්චි මහතා ද සහභාගී වී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එත් .. සජිත් සහ එයාගේ පවුලේ අය .. තාම උසාවි ගානේ තාම උසාවිගානේ රස්තියාදු වෙන්නේ නැහැනේ .. !
නෙවිල් ආපු එකත් ඒ තරම් දෙයක්ද?
සජිත්ගේ ඉඩකඩ කියන්න කේවට්ටයෝ නැහැ ඕනේ..// කෙවට්ටයාටත් නැහැ මං යන්නට මහ උලුගෙට හැර..// ගොයියන් දෙන්නා ගැන දන්නෝ නම් තොගේටනේ...// හිතුවද බොලව් ඔක්කොම අපි මැරිලා ඉපදුණා ලෙස..//
රටේ ආර්ථිකය, මහජන ආරක්ෂාව කඩාගෙන වැටිලා. මේ අයට ඒ අස්සේ ජනාධිපතිවරණ උණ හැදිලා...
රවියා කියන්නේ ග්‍රහලොව නම් අධිපතියා ..// එනමුත් මේකා නම් හොරකමටම අධිපතියා..// සතොසින් පටන්ගත් හොරකම හරහා බැංකුවට ගියා..// කුඹුරේ මායිම දන්නැති බබා නිදි පැල ඇතුලේ...//
පාලම්, බෝක්කු ගැන කතාකරන නමුත් මහජනතාවගේ දුක හඳුනන ඊට පිළියම් දිය හැකි.. හොඳට ඉගෙනගෙන රටේ ජනතාවගේ මුදල් හොරකම් නොකරන පුංචි මිනිහෙක් තමයි අපටත් ඕනේ..
දැන්නම් 225 ම හරක් පැටව් වගේ නේද..// උම්බෑ කියන්තත් යනවා සවසට පන්තිවල..// දුව පැන නටනවා පට්ටියේ වසු පැටව් ලෙස..// අම්මෝ වටිනවා අදහන්නට මේ හරක් රැල..//
සජිත්ගේ මවිල් ගහක් වටින්නේ නැහැ මෙයා... බැඳුම්කර වංචාව නිසා එජාපයටයන එන මං නැතිකළේ මොහු තමයි. අමාත්‍යාංශ ගත්ත හැමදාකම මෙයා ඒවා කෑවා. විනාශ කළා. ඊළඟ පාර කොළඹින් ඔහෙට ගිය පාර ගත්තේ ඡන්ද ටිකක්නේ. එජාපයට ගොඩයන්න පුළුවන් සජිත් අපේක්ෂකයා වුණොත් විතරයි.
සජිත්ට තියෙන සුදුසුකම් හොඳටම ඇති , පිටරට ගනු දෙනු අවශ්‍ය නැහැ. පය ගහල ඉන්නේ ලංකාවේ , ලංකාව අන්ත දුගී රටක් ඒ බව නොදැන තමයි , රට හුරා කැවේ සජිත් නිතරම ගැවසෙන්නේ දුප්පත් රට වාසිය සමග. ,පාලම් බෝක්කු සමග ගැවසෙන එක හොඳයි. මහ බැංකුවත් සමග ගැවසෙන්නේ නැතිව.
රවී = තිස්ස අත්තනායක
රවී නිසා එජාප කාරයින්ට පාරේ බැහැලා යන්න බැරි වුණා. සතොස, කාදර්ගේ බැංකු ණය... රජයේ මුදල්වලින් ගෙවීම, මහා බැංකු හොරකම නිසා. මීට පෙර එජාපයට මෙවැනි චෝදනා තිබුණේ නැහැ. හරි නම් එයාව පක්ෂෙන් නෙරපන්න ඕනෑ.
මහා බැංකු හොරකම වැනි හොරකම් නොකරන..., දේශපාලන බලය අනිසි ලෙස යොදලා මුදල් උපයන්නේ නැති ඔබතුමා වැනි කෙනෙක් පක්ෂේ ඉන්න කොට සජිත් අවශ්‍ය නැහැ. ඔබතුමාට පුළුවන් ඉදිරිපත් වෙන්න. අර සත්ගුණවත්ම නෙවිල් මහත්මයත් ඉන්නවනේ... අඩුවකට තිබෙන්නේ අර හිරේ ඉන්න හිටපු තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති, ජූලම්පිටියේ අමරේ උපාසක මහත්මයා, ජනපති වුණාම එම අසරණයන් නිදහස් කරනවා කිව්වම, ඔවුන්ගේ සහ ගෝලයින්ගේ උපකාරත් ලැබේවි... අඩුවකට තිබෙන්නේ ඔබතුමා ඉන්න ගෙදර කාගේද කියලා දන්නේ නැති එකත් භාර්යාව කරන වැඩ ගැන දන්නේ නැති එකත් ඔක්කොම හෙමිහිට භාර්යාවගෙන් අහලා දැනගන්න පුළුවන්... ඔහොම යමු.
අනේ, රවී ඔහේගේ තරම ඔහේ දන්නවනේ... අපිත් ඔහේ ගැන දන්නවා. රුමේනියාවේ චව්චේව්ස්කි, ලිබියාවේ ගඩාෆිලාගේ ජීවිත අවසන් වුනේ කොහොමද කියලා ටිකක් හිතන්න. ලංකාවේ ඉන්නේ බත් කන බූරුවන් නොවන බව තරයේ හිතට ගෙන දේශපාලනය කරන්න. නිකන් මුදුනා වෙන්න එපා.
අපේක්ෂකයා මොන පක්ෂයේද? කවුද කියන එක කවුරු කවුරුත් තීරණය කරයි. පොදු ජනයාට අදාල ඔහු හෝ ඇයට මේ රටේ තිබෙන දූෂිත දේශපාලනය තවදුරටත් කරගෙන යාමට අවස්ථාවක් දෙනවාද කියන එක සලකා බලන එකයි. වැඩිය බයවෙන්න එපා... පොදුජනයා වෙලාවට එම තීන්දුව ගනියි.
එජාප මිනිස්සුන්ට අපි එජාපයේ කියලා කටක් ඇරලා කියන්න බැරි කාලෙ රවී කරුණානායක... ඔහේට ගියපාර ගත්තු ඡන්දත් මේ පාර දෙන්නේ නැහැ. මමත් කොළඹ දිස්ත්‍රික්කයේ කෙනෙක්. 2015දී කොළඹ පුද්ගලික ආයතනවල විධායක ශ්‍රේණියේ මිනිස්සු ප්‍රසිද්ධියේ එජාපෙ. අද ඒ මිනිස්සු ඔහේව පතුරු ගහනවා කරපු කාලකණ්ණි වැඩවලට. එජාපය වෙනුවෙන් ඔබට කළ හැකි ලොකුම සේවය පක්ෂයෙන් ඉවත්වීමයි. දෙවියන්ගේ නාමයෙන් යන දේවාලෙක තොලොංචි වෙන එක. ඒක එජාපයට කරන ලොකුම සේවයක්...
සජිත්ගේ වැරදි ඇති.. ඒත් හොරෙක් නෙමේ... තිස්ස අත්තනායක දේශපාලන වශයෙන් විනාශ වුණා වගේ ඉදිරියේදී මෙයාට වෙන්නෙත් ඒකමයි. අනික ඉතින් ඔය කොළඹ ඡන්ද ටික යූ.එන්.පී. එකට වැටෙන්නේ ප්‍රේමදාස ජනපතිවරයා හදපු ඡන්ද පසුබිම නිසා මිසක් වෙනදෙයක් නෙවේ. රවී කෝට්ටේ ආසනේ පැරදි පැරදී ඉඳලා දුමින්ද සිල්වා, මහින්දගේ ගාවට ගිය ගමන් කොළඹට පැන්නා ඡන්ද පෙරේතකමට. 2000 සහ 2001 වගේ සජිත් හම්බන්තොට දිස්ත්‍රික්කයම දිනලා තිබුණා. නමුත් මහින්ද අගැමති සහ ජනාධිපති වූ පසු මේ පසුබිම වෙනස් කළා. කොළඹ යූ.එන්.පී. බලකොටුවක් වගේ හම්බන්තොට ඉස්සරහටත් මහින්දගේ බලකොටුවක්...
කලබල වෙන්න එපා.. අපට ඔය සජිත්වත්, ගෝඨාවත් කවුරුවත් ඕනෑ නැහැ. අපිට 226ම එපා ,අපි අලුත්ම කෙනෙක් පත්කර ගන්නම්...
ප්‍රභා කියන්නේ මේ රටට විනකරපු නිලනොවන දෙමල මිනිහෙක් .. රවී කියන්නේ දැනටත් කරමින් ඉන්න නිලලත් මිනිහෙක්.. එනිසා රටට වෙන සෙතක් නොමැත.
අනේ දෙයියනේ මට මතක නැතිකොට.. අතීතයේ බෙහෙතක් ගැන කියන මේ කවිය මතක්වුනේ කෙනෙකු හිටපු ජනාධිපතිතුමා හා රවී ඇමැතිතුමා ගැන කියපු කථාවක් නිසාත් කිව්ව කෙනා අමතක වීම නිසාත්ය. ඒ කියපු කෙනා කවුරු නමුත් හරියටම හරිනේ...
කොහොමද රනිල්-මහින්ද ගනුදෙනුව?
රවී හිතන් ඉන්නේ කොළඹ ඡන්ද දායකයින්ගෙන් වැඩි හරිය මෝඩයෝ කියලා.. ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප ගණන් කරන කොට ඔබට කියවේවි.. මගේ මනාප ටික නැතිවෙලා මම පැරදුන හැටි මමවත් දන්නේ නැහැ කියලා. හැමදාම දැක්කේ නැහැ, දන්නේ නැහැ, මතක නැහැ කියලා ගැලවෙන්න බැහැ.
රවී ඔය කරන්නේ සියතින්ම ගෙල සිඳගැනීමක්... කොළඹ ඉන්න කැපුවත් කොළ කියන අරටු බැහැපු එජාප ඡන්ද දායකයින්ගෙන් වැඩි දෙනෙක් ප්‍රේමදාසවාදීන්... ඔවුන් අලියට කතිරේ ගහලා කැමති කෙනෙකුට මනාප ගහනවා. ඔය විදිහට සජිත්ට විරුද්ධව කතාකරන කොට ඔවුන් ඔබට මනාපේ ගහවිද? සජිත්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් කළොත් දිනන්න තිබෙන්නේ 40% විතර අවස්ථාවක්... නමුත් එජාපෙට ඉන්න ජනප්‍රියම ජනාධිපති අපේක්ෂකයා සජිත් බව හැමෝම දන්නවා.
රවි හිතනවා ඔහු පමණයි දන්නේ සජිත හිතනවා ඔහු මය ගැලපෙන්නේ රනිල් හිතනවා ඔහු නෑ රැවටෙන්නේ කොහොමද අනේ අපි මුන් ටික එළවන්නේ ?
රවී එහෙමනම් බැංකු මංකොල්ල කාරයින්ටද එක්සත් ජාතික පක්ෂය තුළ අපේක්ෂක ධුරය ලැබෙන්නේ..
රවී, ඔයා සජිත්ට මඩ ගහන්න තරමට ඔයා විනාශ වෙනවා. දැනටමත් ඔයා විනාශ වෙලා ඉවරයි. ජනතාව අතර සජිත්ද රවීද හොරා කියල ඇහුවොත්, ඔයා දන්නවා මොන උත්තරය ලැබේවි කියලා.
ඔය හැමෝම අපිට දැන් එපා වෙලායි තියෙන්නේ. කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියෙන බව දැන් අපි දන්නවා.
එකනේ කිව්වේ නවින් දිසානායක තමයි සුදුස්ස කියලා. ගාමිණී දිසානායක නාමය තවමත් මහවැලි ප්‍රදේශ වල පිලිගන්නවා. සජිත්ට නොලැබෙන උඩරට ඡන්දත් ලැබෙනවා. ජාත්‍යන්තර දේශපාලනය ඇතුළුව ඔහු ලබා ඇති උපාධිය ඉතා ඉහලයි. දේශපාලනය තුල ඔහු ඔහුගේ පවුලේ කිසිවෙකු කුණු ගාගෙන නැහැ. යුධ අපරාධ වැනි චෝදනා යොදාගෙන පසුකලෙක කිසිදු බලවතෙකුට රූකඩයක් කරගැනීමටත් බැහැ. පවුල් ගසක පුරුකක් ලෙස ජනතා අපවදයකුත් නැහැ. තරුණ නායකත්වයක් ඉල්ලන රටකට තවත් මහලුවී පනාදින නායකයෙකුත් නොවෙයි.
සජිත් සුදුසු නැහැ මෙයා තමයි සුදුසු ඒක තමයි මුළු ලාංකිකයින් ගේ ඉල්ලීම හුඟක් දෙනෙක් වගේ මෙයත් ඉන්නේ ජනාදිපති හීනේ මෙයා ජනපති කරන්න තරමටම ලංකාවේ මිනිස්සු න්ගේ මොලේ අමාරුවක් ඇති කියලා මට හිතෙන්නේ නැහැ.
නිය පොත්තෙන් කඩන්න පුළුවන් වෙලාව. දැනටම ආර්යාවන් වෙලා. පුදුමයි නොකීවා මගේ එක්කෙනා ශ්‍රීමත් ජනාදිපති උනාම කියලා. කොටින්ම අපි එජාපෙන් මොකා ආවත් දෙන්නේ නැත.
ඉඩක් දෙන්නත් එපා .
දෙන්නම රටට වැඩක් නැති දෙන්නෙක්.
රට විනාශ කරන පක්ෂයක්නම් එක්සත් ජාතික පක්ෂයම තමයි
මොකක් හසුරුවන්නත් ඡන්දය දිනලා ඉන්න ඔනෑ.ඊළඟ ජනාධිපතිවරණයෙන් පසු වැඩි බලතල තිබෙන්නේ අගමැතිටයි.එනිසා රනිල් අගමැතිකමටත් සජිත් ජනාධිපතිකමටත් ඉදිරිපත් කරන්න